ගෝඨා මුරුකරුවෙක් විතරයි..! මුරකාරයාට ගෙවල් ලියලා දෙන්නේ නෑ - ඇමැති වජිර

මිලිටරි පුහුණූවක් ලැබු අයෙක් ඔහු පුරුදු වී සිටින නීතිය වෙනස් බවත් ඔහු ක්‍රියා කරන්නේ ද මිලිටරි ප්‍රතිපත්ති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා TTVNews සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයින් සිටින අතර මරු සිරා , මාකදුරේ මධුෂ් වැනි අය ප්‍රසිද්ධ චණ්ඩිත් සිටින බවයි.

ඔවුන්ට රටක් බාර දෙන්න කවුරුවත් සුදානම් නැති බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් ගෙදර මුර කරන මුරකරුවාට නිවස එහි හිමිකරුවන් විසින් ලියා දීමක් සිදු නොකරන්නා සේම රටක මුරකරුවන්ට රට ලියා දෙන්න රටේ ජනතාව කිසිවිටකත් සුදානමක් නොමැති බව ඔහු කියා සිටියේය.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ සිදු කළ සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව පහත සඳහන් TTVnews.lk Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය. 

Wajira TTVnews

 

 සාකච්ඡා කළේ - තරින්ද ඇල්විටිගල 

 


Print   Email