නිපුණත්වයෙන් පිරි දරුවෙක් 7 වසරේ සිට අරඹනවා - ගෝඨාභය රාජපක්ෂ

නිපුණත්වයෙන් පිරි දරුවෙක් බිහිකිරීමේ වැඩපිලිවෙල දරුවා 7 වසරේ අධ්‍යාපනය සදඟා යොමු වීමත් සමග අරඹන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) කෑගල්ලේ පැවැති ජන හමුව අමතමනි. කුඩා කළ සිටම තමන් කැමැති ක්ෂේත‍්‍රයක් පිළිබද නිපුණත්වයක් ලැබීමේ අවස්ථාව දරුවාට හිමිකර දීම මෙයින් අදහස් කරන බවද ඒ මහතා පැවසීය.

ඒ ආකාරයෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම රජයක යුතුකම හා වගකීම යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය. ලෝකයේ සහ රටේ ආර්ථිකය පිළිබ`ද අවබෝධයක් ඇතිව, අධ්‍යාපන ක‍්‍රමය සකස් කිරීම මෙන්ම නිපුණත්වයක් සහිත දරුවන් රටට දායාද වන අයුරින් අධ්‍යාපන ක‍්‍රමය සැකසීම සෞභාග්‍යමත් අභිමානවත් දේශයක් වෙනුවෙන් කළ යුතුව ඇතැයිද ඒ මහතා එහිදි වැඩිදුරටත් පැවසීය.

 

 

දිලිනි සමන්මලි


Print   Email