ඡන්දෙ දාන්න ගමට යන්න විශේෂ බස් ඇත - විශේෂ කෝච්චි නැත...

මෙවර ජනාධිපතිවරණ දිනයේ ඡන්දය භාවිත කිරිම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසතත්, විශේෂ දුමිරිය කිසිවක් ක්‍රියාත්මක නොවන බව අදාල බලධාරීන් පවසයි.

ංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි පි.එච්.ආර්.ජේ චන්ද්‍රසිරි පැවසුවේ අද සිට මෙම විශේෂ බස් රථ සේවය ක්‍රියාත්මක වන බවයි. 

කෙසේවෙතත් හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක නොවන බවත්, සුපුරුදු දුම්රිය කාලසටහන ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

පසුගිය දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකි වී ඇති අතර  එබැවින් විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරිමට බලධාරින් කටයුතු කර නොමැත.

* සටහන : අතලූෂ විද්‍යාතිලක

මෛත්‍රිපාල ජනපති ඡන්දෙන් පස්සේ ජාතිය අමතයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතිය ඇමතිම ලබන 16 වනදායි පසුව සිදු කරනු ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමීපතයෙකු කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී ජාතිය ඇමතිම තුළින් ස්වාධිනවීම ගම්‍ය නොවන බවයි.

ආරක්ෂක අමාත්‍යංශයේ කෙටි පණිවිඩ සේවයක්

රටේ ආරක්ෂාව සම්බන්ධව නිල හා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය මඟීන් කෙටි පණිවිඩ සේවාව අද (13) දින ආරම්භ කෙරුණේ ආරක්ක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි.

ගෝඨා දිනනවා .. සජිත් පරදිනවා - බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රජයේ නිලධාරින්ට නැත්තේ අසනීප තුනක් බව මහින්ද දේශප්‍රිය කියයි

මෙවර ජනාධිපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින්ගෙ සහභාගීත්වය අවම වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.