රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව හිමි කර ගනි

ජපානයේ යොකොහමා ක්‍රීඩාංගණයේදී පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය පරදා දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ් එළිස් කුසලාන දිනා ගැනීමට හැකි විය. ඒ ලකුණු 32 - 12 ක් ලෙසිනි.

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය ජයගනි

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලූ 9 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (30) සමත්වුණා.  තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 කදී සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 117 ක් පමණයි.

සත්කාරක පාකිස්ථානය පරදවා 20/20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඊයේ (07) දින පැවැති දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 35කින් ජය ගැනීමට සමත් කර ගැනීමට හැකි විය.  පලමුව පන්දුවට පරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා - පාකිස්ථාන ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අද (27) කරච්චි නුවරදී පැවැත් වීමට නියමිතයි. ඒඅනුව අද පළමු එක්දින තරඟය දිවා, රාත්‍රි තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

තායිලන්තයේ පටායාවල පැවැත්වෙන ලෝක ශූරතා ඉර බර ඉසිලීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉන්දික දිසානායක නව ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවා ඇත. ඒ, කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් තරඟ කරන ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 134ක් බර ඉසිලූ අතර, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඉසිලූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 164ක්. ඒ අනුව ඔහු ඉසිලූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 298ක් වනවා.