යාපනයේ රු.මි. 72 ක වියදමින් ඉදිකරන ලද උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

අභ්‍යන්තර අවතැන්වූවන් සහ නැවත පදිංචියට පැමිණෙන සරණාගතයින් සදහා ජාතික ප්‍රතිපත්තිල ආර්ථික කටයුතුල නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනල උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ යාපනය උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ඊයේ (07) ප්‍රතිලාභි අයිතියට පවරනු ලැබීය.

ඩෙල්ෆ් දූපත්වාසීන් සදහා නිවාස සහ පාසල් සදහා සුපිරි පංති කාමර පිරිනමයි

යාපනය ‌ඩෙල්ෆ් දූපතේ ජීවත්වන ජනතාවගේ නිවාස අවශ්‍යතා සහ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සදහා රුපියල් මිලියන 32 ක සංවර්ධන වැඩසටහන් ප්‍රතිලාභි අයිතියට හා සිසු අයිතියට පැවරීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) දින සිදු කෙරිණි.

පාසල් 665කට ලැප්ටොප් පරිගණක 15,445ක් දෙන්න කැබිනට් අනුමැතිය

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

දුම්රිය පවුලේ අලුත්ම සඟයා දෙනුවර මැණිකේ බදුල්ලට ධාවනය ආරම්භ කරයි

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවය අද (01) දුම්රිය කොළඹ කොටුවෙන් උදෑසන 06.45 ට මංගල ගමන සුබ මොහොතින් ආරම්භ වුයේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

උතුරේ මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් සදහා රුපියල් මිලියන 51,000 ක ආයෝජනයක්

වසර තිහකට ආසන්න කාලයක් පැවති ගැටුම් හේතුවෙන් උතුරු පළාතේ දැඩි හානි සිදුවී ඇති අභ්‍යන්තර මාර්ග සංවර්ධනය සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර ඇති ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මාර්ග පැකේජ 17 ක් මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් පුනරුත්ථාපනය කොට ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 51,000 ක් ආයෝජනය කර ඇති බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පවසයි.