රටේ නීතිය හා සාමය තුළ ඇති බරපතල ගැටලු සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධානය යොමු කරමින්, මිනිමැරුම් ඇතුළු අපරාධ බහුලව සිදුවීම හා කුඩා දරුවන් පවා මරණයට පත්වීම ගැන කම්පාව පළ කළේය.
මේ සදහා මීට වඩා ශක්තිමත් විසඳුම් රජය විසින් ගත යුතු බවත්, ඒ සඳහා විපක්ෂය ලෙස සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඔහු පැහැදිලි කළේය.
අධිකරණය තුළ පවා අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත්, අධිකරණයට පැමිණීමට ඇතැම් පුද්ගලයින් මරණ බියෙන් පසුවන බවත් ඔහු අවධාරණය කළේය.
මෙය අතිශයින්ම බරපතල ගැටලුවක් ලෙස සලකමින්, මේ සම්බන්ධයෙන් ශක්තිමත් තීරණ ගැනීමට අදාළ ආයතන ඉදිරියට ඒමේ අවශ්‍යතාවය ඔහු ඉල්ලා සිටියේය. සමාජයේ මෙවැනි සිදුවීම් තවදුරටත් සිදු නොවන ලෙස කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
නීතිය හා සාමය ශක්තිමත් කිරීමේ රාජ්‍ය බලය ආණ්ඩුව සතුව ඇති බව සඳහන් කරමින්, මෙම තත්ත්වය වහාම නතර කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.