• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට ජපානයෙන් ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර

4 January 2019
in සංවර්ධන

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යං‍ශය නිවේදනය කළේ කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17 ක් පමණ දිගින් යුක්ත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) ඉදිරිපත් වී ඇති බවයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ණය ආධාර ලබාගැනීම පිණිස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, ජයිකා ආයතනය විසින් 2018 – 2024 කාලය තුළ අදියර 6 කින් මෙම ණය මුදල ලබාදීමට නියමිත වන අතර මෙහි පළමු අදියර යටතේ ඇ.ඩො.මි. 260 ක් ලබාදීමට නියමිතයි. ඒ සඳහා ජයිකා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කරන ලද නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජපාන රජය විසින් 0.1% ක ඉතා අඩු සහන වාර්ෂික පොලී මත ලබාදෙන මෙම ණය මුදල අවු. 12 ක සහන කාලයක් සහිතව වසර 40 කින් ආපසු ගෙවීමට නියමිතය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එහි වැඩකටයුතු මෙම වසර තුළ ආරම්භ කරනු ඇත.

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවත්නා දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් ශීඝ්‍රගාමී ප්‍රවාහන පද්ධතියක් තුළින් ඵලදායී, කාර්යක්ෂම මගී ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දීම රජයේ “දැක්ම 2025 : පොහොසත් රටක්” (V 2025) යන ප්‍රතිපත්තිය හරහා හඳුනාගෙන ඇත.

Post Views: 46
Previous Post

ආයතනවලට පත් කිරීම් වලදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කරන චක්‍ර ලේඛය අනුව කටයුතු කරන්න

Next Post

කුමන්ත්‍රණයකට හවුල් වුණේ නෑ – රෙජිනෝල්ඩ් කුරේ කියයි

editor

editor

Next Post

කුමන්ත්‍රණයකට හවුල් වුණේ නෑ - රෙජිනෝල්ඩ් කුරේ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved