• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තවත් උදාගම්මාන 50 ක් හදන්න ඉන්දියාවෙන් ආධාර

13 October 2018
in සංවර්ධන

රට තුළ තවත් උද ගම්මාන 50 ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් ලක්ෂ 6,000 ක ආධාර මුදලක් අද දින ශ්‍රී ලංකාවට ලබා දුන් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පසුගිය වසරේදී ද ඉන්දිය රජය ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 6,000 ක අධාර මුදලක් ලබාදුන් බවත් දෙවන වරටත් මෙම වසරේදී ඉන්දිය රජය තවත් රුපියල් ලක්ෂ 6,000 ක අධාර මුදලක් මෙරට නිවාස ඉදිකිරීම වෙනුවෙන් ලබා දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මාත්‍යවරයා මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගොන්නොරුව, ඉදිකළ “සත්සුරුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (13) දින සහභාගී වෙමින්. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 138 වන ආදර්ශ ගම්මානය මෙයයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ නිවාස නොමැති ජනතාවට උදා ගම්මාන ඉදිකිරීම සඳහා ඉන්දීය රජය ලබා දුන් රුපියල් ලක්ෂ 6,000 ආධාර මුදල කිසිවිට නැවත අයකරනු ලබන හෝ රට උකසට තබන ත්‍යාගයක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වෙනස කොහොමද කියා ඇතැම් පිරිස් ප්‍රශ්න කරන බවත්, පසුගිය රජය රටේ සංවර්ධනය වෙනුවෙන් අධාර ලබා නොගෙන ගුවන් තොටුපොළ, ක්‍රීඩාංගණ, වරාය වැනි දැවන්ත අසාර්ථක ව්‍යාපෘති සඳහා කොමිස් ලබා ගැනීමේ අරමුණින් ගිනි පොලී ණය ලබා ගත් බවත් පැවසූ අමාත්‍යවරයා, වත්මන් යහපාලන රජයේ සහ පසුගිය රජයේ වෙනස ගැන කතා කරන විරුද්ධවාදීන් සමඟ විවෘත වන උදා ගම්මානයක සිට වාද කිරීමට තමන් සූදානම් බවත් පැවසීය.

ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතාද මෙම ගිවිසුමට අත්සන් තබන ලදි.

නිවාස 26 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 204 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“සත්සුරුගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 26 දෙනාට නිවාස හිමිකම් ලබාදීම සහ රුපියල් ලක්ෂ 364 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 26 ක හිමිකම්පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 250 කට රුපියල් ලක්ෂ 250 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 52 කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 102 දෙනෙකුට ඇස් කණ්නාඩි, ප්‍රතිලාභීන් සඳහා ස්වයං රැකියා ණය ප්‍රදානය, ගම්මානයේ නිවාස සමිතිය සඳහා පුටු සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ හා පොල් පැළ බෙදා දීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් මෙහිදී පැවැත්විණි.
උතුරු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික් ඉන්දීය කොන්සල් ජනරාල් ප්‍රේම් කුමාර් නායර් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 48
Previous Post

නිෂ්පාදනය ඉහළ නංවන්න නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනපති අතින් වීවෘත කරයි

Next Post

ආපදා අවම කිරීමට අනුරපුරයේ බෝක්කු පිළිසරක කරයි

editor

editor

Next Post

ආපදා අවම කිරීමට අනුරපුරයේ බෝක්කු පිළිසරක කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved