වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව බත් සහ වෑංජන, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 20කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මෙම මිල සංශෝධනය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
කෙසේ වෙතත්, පොල්තෙල් මිල පහළ යාම සැලකිල්ලට ගනිමින් කෙටි කෑම (Shorties) වර්ගවල මිල රුපියල් 10කින් අඩු කිරීමට ද එම සංගමය පියවර ගෙන ඇත. ගෑස් සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන්වල සිදුවන වෙනස්වීම් හමුවේ පාරිභෝගිකයාට මෙන්ම ආපනශාලා හිමියන්ට ද සාධාරණයක් වන පරිදි මෙම තීරණය ගත් බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.












