මාර්ගවල අන්තරාදායක සහ නොසැලකිලිමත් ලෙස රිය පදවන පුද්ගලයන් පිළිබඳ වීඩියෝ සහ තොරතුරු මහජනතාවට සෘජුවම ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ වට්ස්ඇප් (WhatsApp) අංකයක් හඳුන්වා දී ඇත. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන වැරදි හඳුනා ගැනීමට මහජන සහාය ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඒ අනුව, මාර්ග නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ වීඩියෝ සහ විස්තර 070 4755600 යන අංකයට යොමු කළ හැකි බව පොලිසිය පවසයි. එවැනි තොරතුරු එවන විට හැකි සෑම අවස්ථාවකදීම අදාළ සිදුවීම සිදුවූ දිනය, ස්ථානය සහ පොලිස් වසම සඳහන් කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා මෙම සේවාව වගකීමෙන් යුතුව භාවිතා කරන ලෙස ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දන්වා සිටී.














