දේශීය කර්මාන්තකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, අබලි ලෝහ නිෂ්පාදන, විවිධ ලෝහ අනුරූ සහ ලෝහ අබලි නීතිවිරෝධී ලෙස අපනයනය කිරීම වැළැක්වීමට රජය පියවර ගෙන ඇත. මේ සඳහා නව අපනයන පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, අදාළ භාණ්ඩ අපනයනය කිරීමේදී අපනයන පාලන බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් 2026 මාර්තු 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය හිමි වී තිබේ.
















