පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ප්‍රකාශ කරයි.
දරුවන්ට කඩිනම් සහ නිවැරදි ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලට පැමිණීමේදී ඔවුන්ගේ වෛද්‍ය වාර්තා සහ අදාළ ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.
















