2026 අගෝස්තු 18වැනිදා වියට්ජෙට් හි කොළඹ – හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භය වෙනුවෙන් සූදානම් වන අතරතුර, AirlineRatings විසින් සංවිධාන කරන ලද 2026 ‘Flyers’ Choice’ සම්මාන උළෙලේ දී Favourite Low-Cost Carrier සහ Best Cabin Crew Uniform යන සම්මාන ද්විත්වයෙන් වියට්ජෙට් සමාගම සම්මානයට පාත්‍ර වී තිබේ. මෙම සම්මාන මගින් වියට්ජෙට් සන්නාමය සහ එහි කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කර ඇති අතර, ජයග්‍රාහකයින් තෝරාගැනීම සංචාරකයින්ගේ ඡන්ද විමසීම් පදනම් කර ගනිමින් සිදු කොට තිබේ.
මෙම සම්මානනීය ඇගයීමත් සමඟ ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කරන වියට්ජෙට් කෙරෙහි සංචාරකයින්ගේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නංවනු ඇත. AirlineRatings හි ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙරොන් පීටර්සන් මහත්මිය සඳහන් කළේ, මෙම අංශ ද්විත්වයෙන්ම සම්මානයට පාත්‍ර වීමත් සමඟ වියට්ජෙට් සමාගම සිය ගමන් මඟෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කර ඇති බවයි. සුවිශේෂී රතු පැහැයෙන් යුක්ත වියට්ජෙට් හි ගුවන් කාර්ය මණ්ඩල නිල ඇඳුම යුරෝපීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කර ඇති අතර, සාම්ප්‍රදායික බවින් තොර අංගයන් එක්කරන ලද එය තරුණ ජවය සහ සුහදශීලීත්වය නිරූපණය කරයි.
ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහා කොළඹ–හෝ චි මිං නගරය අතර නව ගුවන් සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් ලෙස ක්‍රියාත්මක වන අතර, මගීන්ට ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු බොහෝ ගමනාන්ත වෙත පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වේ.














