පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී අද (03) සිදුකළ විශේෂ පරික්ෂාවකදී, අන්තර් පළාත් පෞද්ගලික සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථ 40ක් නියමිත ප්‍රමිතියට අනුකූලව නොමැති බව හෙළි වී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ඇතිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. උදෑසන 9.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ දිගු දුර ධාවන බස් රථ 67ක් පමණ පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී වාහන දුම් පිටවීම, මගී ආරක්ෂාව, පහසුව, එන්ජිමේ තත්ත්වය සහ මගීන්ට බලපාන අනෙකුත් තාක්ෂණික දෝෂ පිළිබඳව සලකා බලා ඇත. බරපතල දෝෂ සහිත බස් රථ දෙකක ධාවනය සම්පූර්ණයෙන්ම තහනම් කළ අතර, අනෙක් බස් රථ 38හි හිමිකරුවන්ට දින 14ක් ඇතුළත දෝෂ සකසා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි. මගීන්ට සුරක්ෂිත හා සපපසු ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි හදිසි පරීක්ෂාවන් දිවයින පුරා සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.














