• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

2021 – 2022 ඔන්ලයින් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම අසාර්ථකයි – රජිත් කීර්ති තෙන්නකෝන්

20 February 2022
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය කිරීම‘ කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය ලෙසම අසාර්ථක ක්‍රියාවක් බවත් එමගින් දහ දහස් ගණනකට ඡන්ද බලය අහිමිකර ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය මෙසේය. 2021 වසරේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම ලංකා ඉතිහාසයේ අසාර්ථකම ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියකි. එය එලෙසින්ම 2022 වසරේ ක්‍රියාත්මක කිරීම නිසා තවත් දස දහස් ගණනකගේ ඡන්ද අයිතිය අහිමි කිරීමකි.

සර්වජන ඡන්ද බලය ලැබුණු දවසේ සිට පසුගිය වසර දක්වාම ග්‍රාම නිලධාරීන් ගෙන් ගෙට ගොස් ‘ඡන්ද කොළ පුරවා‘ නාම ලේඛන ප්‍රතිශෝධනය සිදු කළා. 2021 වසරේ දී අලුතෙන් ලියාපදිංචි වී ඇත්තේ සාමාන්‍ය යෙන් වසරකට ලියාපදිංචි වන නව ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 18% කට ආසන්නය. 25% ප්‍රමාණය ඉක්මවූ අපගමණයක් සහිත දිස්ත්‍රික්ක ද පවතී.

ඔන්ලයින් ක්‍රමයට චන්ද හිමියන් ලියාපදිංචි කිරීම කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය වගේම අසමත්, අසාර්ථක ක්‍රියාවක් බව 2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනයෙන් තහවුරු වෙනවා. ඒ නිසා තරුණ පුරවැසියන් දහ දහස් ගණනකට ඡන්ද හිමිකම අහිමි කර තිබෙනවා.

2021 අංක 22 දරණ පනත මගින් සං‍ශෝධිත 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ මගින් වයස අවුරුදු 18 සම්පූර්ණ කරන නව ඡන්දදායකයින්ට ඡන්ද හිමිකම ලබාදීමට අපේක්ෂා කළේය. නමුත්, 2021 ඡන්ද හිමි නාම ලේඛනය ඔන් ලයින් ක්‍රමයට සකස් කරනු ලැබීමත් සමඟම එහි අරමුණ සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. වෙනදා ඡන්ද අයිතිය ලැබුණු පිරිසට, වඩා වැඩි පිරිසකට ඡන්ද අයිතිය අහිමි ඇත. මේ සියළු දෙනා වසය අවුරුදු 18 සම්පූර්ණ කළ අලුත් ඡන්ද හිමියන්ය. මැතිවරණ නිරීක්ෂකයින් ලෙස අප වසර 10 කට වැඩි කාලයක් තරුණයින් ලියාපදිංචි කිරීමට උනන්දු කළා. පාර්ලිමේන්තුවේ මේ සංශෝධන සම්මත කර ගැනීමට මැදිහත්වුණා. නමුත්, ග්‍රාම නිලධාරිවරුන් අතහැර ‘ඔන් ලයින් පමණක් ලියාපදිංචිය‘ පනතට ගෙනා ප්‍රගතිශීලී සංශෝධන අර්ථ විරහිත කර විනාශයකට මඟ පාදා තිබේ.

යුධ තත්වයක් පැවති කලාපවල හැර ඉතිහාසයේ කිසිම දවසක සුදුසුකම් ඇති දස දහස් ගණනක් ලියාපදිංචි කිරීම අදහැර දමා නෑ. මැතිවරණ කොමිසම සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඡන්ද ලියාපදිංචිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. සල්ලි නෑ කියලා ඉතිහාසයේ කිසිම දවසක මැතිවරණ කොමිසමේ කටයුතු අඩපණ කරලා නෑ. සල්ලි නෑ කියලා ඡන්ද නොතියා ඉන්න බෑ. ඡන්දදායකයෝ ලියාපදිංචි නොකර ප්‍රොඩාකාරී මැතිවරණ පවත්වන්නත් බෑ.

ග්‍රාම නිලධාරිවරයෙකු ගෙන් ගෙට ගොස් ඡන්ද ලියාපදිංචි සිදු කිරිම වෙනුවෙන් එක් පවුලකට රු. 13.50 ක දීමනාවක් ගෙවනු ලැබූවා. මැතිවරණ කොමිසම, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, ග්‍රාම නිලධාරීවරුන් අතර ප්‍රශ්නය විසඳීම රජයේ ප්‍රශ්ණයකි. ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් තිබේ. එය ලාභ නැත. එම මුදල් සැපයීම රජයේ වගකීමකි. අදාල දීමනා නොගෙවා, සුදුසු යාන්ත්‍රණයක් නොමැතිව ප්‍රෝඩාකාරී මැතිවරණයකට පාර කැපීම වැලැක්වීම සෑම දේශපාලන පක්ෂයකම හා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයකම වගකීමකි.

තරුණ ඡන්දදායකයින්ට ඡන්ද බලය අහිමි කිරීමට එරෙහිම සියළු පුරවැසි සංවිධාන කටයුතු කළ යුතුව ඇත.

 

රජිත් කීර්ති තෙන්නකෝන්

 

Post Views: 5
Previous Post

චීනය, ශ්‍රී ලංකාවට සිටිනා ඉතාම අව්‍යාජ මිත්‍රයා බව – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

Next Post

සමාජ මාධ්‍ය සඳහා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් – රාජ්‍ය ඇමැති ‍ෂෙහාන්

editor

editor

Next Post

සමාජ මාධ්‍ය සඳහා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් - රාජ්‍ය ඇමැති ‍ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved