• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

15 May 2023
in දේශීය

ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් (ලියාපදිංචිය A32-673) ශ්‍රී ලංකා රජයට තිළිණ කරන බව දැනුම් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම ගුවන් යානය පිරිනැමීමට අදාළව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය විසින් ලබාදුන් ලිපිය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

බීච්ක්‍රාෆ්ට් KA350 King Air යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.

මෙම ත්‍යාගය ශ්‍රි ලංකාවට සිය සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ඇති බව එම ලිපියෙහි සඳහන් වෙයි.

එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ දී දෙරට අතර සමීප සහයෝගිතාව තහවුරු කරන්නක් බවත්, මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන මිනිස් ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය සඳහා ද මෙමගින් පුළුල් දායකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත් ලිපියෙහි සඳහන්ය.

සමුද්‍රීය අපරාධ මැඩලීමේ දී ශ්‍රි ලංකාව ලබාදෙන සහාය ඕස්ට්‍රේලියානු රජය බෙහෙවින් අගය කරන අතර මිනිස් ජාවාරම සැලකිය යුතු ප්‍රමාණයකින් මැඩලීමට මෙන්ම සාපරාධී මංකොල්ලකෑම්වලින් සහ භයානක මුහුදු ගමන් නිසා අවදානමට ලක්විය හැකි මිනිස් ජීවිත ආරක්ෂා කීරිමට දෙරට අතර මෙම සහයෝගිතා වැඩපිළිවෙළ හේතු වී තිබෙන බවත් ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ගුවන් මෙහෙයුම් පිළිබඳ ඕස්ට්‍රේලියානු රජය මාස 12 ක කාලයක් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇති අතර ඉන් අනතුරුව එහි වගකීම ශ්‍රී ලංකා රජය සතු වේ.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය, පළමු ලේකම් බ්‍රෙට් සෙහන්ඩර් මහතා සහ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 10
Previous Post

රටේ ඉදිරි ගමනට රාජ්‍ය ආයතනයක මූල්‍ය විනය ඉතාම වැදගත් – උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල

Next Post

රේගු තදබදය අවම කිරීමටත් කිරීමට සියලු පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් කියයි

editor

editor

Next Post

රේගු තදබදය අවම කිරීමටත් කිරීමට සියලු පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved