කොවිඩ් වසංගතයේ අඳුරු අත්දැකීම් අතරින්, ගෝලීය සංකල්පවල ප්‍රායෝගික ගැටළු මතුවෙමින් තිබෙන අවධියකි මේ. අනෙකුන් මත යැපීමේ ආදිනව විඳිමින්, ස්වයංපෝෂිතබවේ අගය ගැන කියවෙන මොහොතකි මේ.
කොරෝනාවෛරස ආසාදනයට සම්බන්ධ යැයි සැලකිය හැකි දුර්ලභ නමුත් භයානක රෝග ලක්ෂණ කීපයක් දරුවන් අතර නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ට අනතුරු අඟවා තිබේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඇරැඹි චීනයෙන් ඊයේ (අප්‍රේල් 07) එකම කොරෝනාවෛරස් රෝගී මරණයක් හෝ වාර්තා නොවිණි.
පසුගිය ජනවාරියේ පටන් චීනය දෛනික සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ අතර එකම මරණයක් හෝ වාර්තා නොවුණු පළමු දිනය ලෙස මෙය වාර්තා වේ.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි. එය ශ්‍රී ලාංකීය ජනතාවගේ රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා වූ ශක්තිමත්ම සහ දැනුමැති විද්වත් සංගමයයි. විද්‍යාත්මක සාක්ෂි මත පදනම්වූ ක්‍රමවේද සහ ප්‍රතිපත්ති වලට අනුකුල වෙමින් දැනට පවත්නා සහ ඉදිරියට මතුවන මහජන සෞඛ්‍ය අභියෝග වලට ප්‍රතිචාර දැක්වීම අපගේ වගකීමකි.
පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක මෙම දිනවල පවතින බව වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ එමගින් මිනිස් සිරුරට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව මාධ්‍ය මගින් විවිධ උපදෙස් ලබා දෙන අතර ඒ පිළිබඳව නිවැරදිව දැනුවත් වීම වැදගත් ය.
‘ඇමති පුටුව’ ගැන ජ.වි.පෙ. මන්ත්‍රීගේ අසත්‍ය ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
– කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ
මා අමාත්‍ය ධුරයට පත්වූ පසුව මාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් පළමුව නිර්මාණය කොට, දෙවනුව එම පුවත උපුටා දක්වමින් මඩ ගැසීමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව දැක ගත හැකිය. මුළුමනින්ම අසත්‍ය එම පුවත හා ප්‍රකාශය පළමුකොටම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරය සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය ධුරයෙහි ද වගකීම් මා හට පැවරී ඇත. මා වෙනුවෙන් ඉහත අමාත්‍යාංශ දෙකෙහිම නිල කාර්යාල වෙන්ව තිබුණ ද වැඩ භාරගත් දිනයේ සිටම අමාත්‍ය ධුර දෙකෙහිම රාජකාරි කටයුතු මා සිදු කරන්නේ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයෙහි මා හට හිමිව ඇති නිල කාර්යාලය පමණක් යොදා ගෙන ය. එම කාර්යාල පරිශ්‍රය තුළ මා වැඩ භාරගනු ලැබුවේ 2019 නොවැම්බර් 25 වනදා ය. ඒ වන විටත් එහි තිබූ කාර්යාලීය භාණ්ඩ පරිහරණය පිණිස යොදා ගත්තා මිස මා වෙනුවෙන් කිසිඳු අයුරකින් අලුත් කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදුවී නොමැත.
අපට ඇත්තේ ‘පුටු හා ඈඳුන සුඛ විහරණය පිළිබඳව ප්‍රශ්නයක්’ නොව මේ රට ‘සෞභාග්‍යයෙන් පිරි රටක්’ බවට පත් කිරීමේ උවමනාව ය. අප මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කොට රටට ජීවයක් ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින මේ මොහොතේ ඒ කෙරෙහි රටට ආදරය කරන ජනතාව දෑස් දල්වා බලා සිටිති. ඒ පිරිස් තුළ අප කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීම මේ මඩ අවලාද නිර්මාණය කරන්නන්ගේ උවමනාව විය හැක. එහෙත් තමන් ‘ඉල්ලූ රට’ නිර්මාණය වන ආකාරය දෙස බලා සිටින ජනතාව මේ ‘කැටයම් දමා ඉදිරිපත් කරන ජවිපෙ බේගල්’ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් ගණන් නොගන්නා බව අපට දැඩි සේ විශ්වාස ය.
විමල් වීරවංශ (පා.ම.),
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය
2020.02.16
යහ පාලන සමයේ එහි අභ්‍යන්තරික තත්ත්වයන් හා දේශපාලනික ගතිකයන් පිටත ට කාන්දු කිරීම උදෙසා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් චරපුරුෂයන් යොදවා සිටි බව හෙළි වෙමින් පවතී. පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නායකත්ව හමුවක දී හා අභ්‍යන්තර සාකච්ඡාවන්වල දී සහ වත්මන් විපක්ෂයේ ප්‍රබලයින් අතර මේ පිළිබඳව කතා බහ ට ලක්ව ඇත.
හැට නව ලක්ෂයක් ඡන්දදායකයින් පැතූ සේ ම ගෝඨාභය රාජපක්ෂ පාලනය රට ට ලොව ට දැනෙන හෙවත් සංවේදී ප්රපංචයක් බව ට පත්වී ඇත. මේ තත්ත්වය බැහැර කිරීම ට හෝ නොසලකා සිටීම ට ගෝඨා හෝ රාජපක්ෂ භීතිකාවෙන් පෙළුණවුන් ට පවා නොහැකි පරිසරයක් නිර්මාණය වී තිබේ. එය ගෝඨා පාලනයේ නව්‍යකරණය පිළිබඳ සුබවාදී ප්‍රවේශයක් වන ලකුණු සතර අතින් ම විද්‍යාමාන වන්න ට පටන්ගෙන තිබේ.