පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද පෙරවරුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හොටෙල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විතය.

 

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය දිනවල කඩිනමින් සිදුකෙරිණ.

මාළු, එළවළු තොග වෙළෙඳාම පමණක් නොව පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන වියළි ආහාර තොග බඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග බඩු ද ඉදිරියේ දී පෑලියගොඩ ගෙන යාමට නියමිතයි.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට ගෙනඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා ද අවස්ථාව හිමිවේ.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදුකළ හැකිවේ.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ රථවාහන 600 ක් පමණ නතර කිරීමට පහසුකම් සලසා දී තිබේ.

මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබීම විශේෂත්වයකි.

මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්වතිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.9 කි.

නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය මඟින් වෙළඳ මහතුන්ටත්, පාරිභෝගික ජනතාවටත් පහසුකම් රැසක් සැලසෙන බවයි. ඉඩම ගොඩකිරීම සහ ජලපවහන සැලැස්ම සකස් කළේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසිනි.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වීමට නියමිතයි.

 

Pin It

සබැඳි පුවත්

සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්‍රතිලාභ පිරිනමයි
සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්‍රතිලාභ පිරිනමයි ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාක...
SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ
SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ්...
යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක්
යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක් ලෝකය COVID-19 වසංගතය සමග කටයුතු කිරීමට හුරු වෙමින් සිටින මොහොතක වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් සියල්ලන්ටම අපගේ හෘදයාංගම බව  vivo ශ්‍රී ලංකා සමාගම පවසයි....
වයිබර් Cupid Bot, ඇතුළු විශේෂාංග රැසක් සමඟ ඩිජිටල් අවකාශය හරහා ආදරවන්තයින්ගේ දිනය සමරන්න
වයිබර් Cupid Bot, ඇතුළු විශේෂාංග රැසක් සමඟ ඩිජිටල් අවකාශය හරහා ආදරවන්තයින්ගේ දිනය සමරන්න ශ්‍රී ලංකාව පමණක් නොව, ලොව පුරා කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් මෙවර ආදරවන්තයින්ගේ දින සැමරුම් පවා ඩිජිටල් අවකාශය තුළ සිදුකිරීමට හේතු වී ඇති පසුබිමක, වයිබර්...
ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි
ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ අලෙවිකරුවෙකු සහ හොන්ඩා සමාගමේ මෙරට බලයලත් නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්. සමාගම සමාගම ආරක්‍ෂිත යතුරුපැදි ධාවනය පිළිබඳව අ...
පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන
පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගව තෘණ සඳහා ඉඩම් නොමැති වීම පිළිබඳ ගැටළු කිහිපයක් හේතුවෙන් කිරි ගොවීන් සඳහා විශේෂ ඉඩම් වෙන් කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොර...

Print   Email