විනෝදාත්මක බෝට්ටු නිෂ්පාදනයට වෙනුවෙන් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වැඩසටහනක්

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය , ශ්‍රී ලංකාවේ විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ මාර්ගගත වැඩමුළුවක් පසුගිය 11 වැනි පැවැත්විණි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමය සම-සත්කාරකත්වයෙන් යුතුව මෙය පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, තායිලන්තය සහ හොංකොං යන රටවල ප්‍රවීණ කර්මාන්ත විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් බෝට්ටු තැනීමේ අපනයන අංශයේ සංවර්ධනය සහ දේශීය අංශයේ සංවර්ධනය, විශේෂයෙන් මරීනා සංවර්ධනය, යටිතල පහසුකම් සහ නාවික සංචාරක කටයුතු පිළිබඳව මණ්ඩල සැසිවල අවධානය යොමු විය.
එම රටවල් ප්‍රධාන වශයෙන් GMBA එක්සත් රාජධානිය, තායිලන්ත යාත්‍රා ව්‍යාපාර සංගමය, ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාරික කවුන්සිලයේ අනුකමිටුව, හොංකොං බෝට්ටු කර්මාන්ත සංගමය, එස් යූ ටි එල් එන්ටර්ප්‍රයිසස් - වන් 15 මරීනා සිංගප්පූරුව, GMBA ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නියෝජනය කරන ලදී. මෙම සැසි දෙක පිළිවෙලින් කොළඹ ඩොක්යාඩ් සමාගමේ අලෙවිකරණ අංශ ප්‍රධානී ප්‍රින්ස් ලයි මහතා සහ සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමයේ සභාපති වයි.පී. ලොක් මහතා විසින් මෙහෙයවන ලදි .

ශ්‍රී ලංකාව කලාපයේ ආකර්ශනීය මැරීනාවක් බවට පත්වීම සඳහා විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ උපායමාර්ගික දිශාව, වෙළඳපල පුළුල් කිරීම, සැලසුම් කිරීම සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දේශීය සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පාර්ශ්වකරුවන්ට මෙම මාර්ගගත වැඩමුළුව මඟින් අවස්ථාව ලබා දෙන ලදී.

 

Pin It

සබැඳි පුවත්

SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක්
SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවක තාක්ෂණික ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ පි...
සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින්
සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයේ 40 ක පිරිසක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උපාධි ප්‍රදානෝත්සවයේදී වෘත...
කොළඹ වරාය නගරයෙන් දේශීය හා ජාත්‍යන්තර සමාගම් වලට ආරාධනා
කොළඹ වරාය නගරයෙන් දේශීය හා ජාත්‍යන්තර සමාගම් වලට ආරාධනා කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූ බව, කොළඹ වරාය නගරයේ ව්‍ය...
ශ්‍රී ලංකාවට 5G ස්මාර්ට් ජංගම දුරකථන හදුන්වා දීමට vivo වැඩ අරඹයි
ශ්‍රී ලංකාවට 5G ස්මාර්ට් ජංගම දුරකථන හදුන්වා දීමට vivo වැඩ අරඹයි පසුගිය දශක කිහිපය පුරා ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණ ලෝකයේ පෙරළිකාරීත්වයක් දක්නට ලැබුණි. වසර ගණනාවක් පුරා, ජාල වේගය 1G සිට 4G දක්වා වර්ධනය වී ඇති හෙයින්, ස්ම...
AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි!
AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි! AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත "ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්" වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත්...
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමන...

Print   Email