කොටස් වෙළඳ පොළේ දැවැන්ත පිබිදීමක්

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ(18) දින දැවැන්ත පිබිදීමක් සහ  වර්ධනයක් වාර්තා කල බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තාවන ආකාරයට අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයකි. 

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගියේ 5.25% ක වර්ධනයක් සමඟින්ය.

මෙය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක් තුළ දී ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක වර්ධනය වේ.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,606.85 ක් හා S&P SL20 දර්ශකය ඒකක 1.847.71 ක් වශයෙන් වාර්තා විය.

Pin It

සබැඳි පුවත්

ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක්
ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක් කොළඹ තේ වෙන්දේසියේ දි ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතිහාසගත ඉහළ මිලක් හිමි ව තිබේ. ඒ අනුව කොළඹ තේ වෙන්දේසියේ දී අමු තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 8...
 කොළඹ කොටස් වෙළඳ පොළ තෙවැනි දිනටත් ඉහළ යයි
කොළඹ කොටස් වෙළඳ පොළ තෙවැනි දිනටත් ඉහළ යයි කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (15) දිනයේ දී ඉහළ යමින් ඒකක 45.5 ක හෙවත් 1.04% ක වර්ධනයක් වාර්තා කරනු ලැබුණු බව එහි ආරංචි මාර්...
විදෙස් මුදල් තැන්පත් කරන්න විශේෂ තැන්පතු   ගිණුමක්
විදෙස් මුදල් තැන්පත් කරන්න විශේෂ තැන්පතු ගිණුමක් රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ...
ආනයනික ආහාර විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනයක්
ආනයනික ආහාර විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනයක් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා මාස 6 ක් වැනි කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා ඇත. ඒ අනුව මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-...
පොහොර නොමැතිකමින් තේවතු හිමියන් දැඩි අපහසුතාවයකට පත් වෙයි
පොහොර නොමැතිකමින් තේවතු හිමියන් දැඩි අපහසුතාවයකට පත් වෙයි රට තුළ පවතින වාතාවරණය හමුවේ මාතලේ දිසාවේ තේ සදහා යොදන පොහොර වර්ග නොමැතිකමින් තේවතු හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ ...
කර්මාන්තකරුවන්ගේ සහන පැකේජය කඩිනම් කිරීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්
කර්මාන්තකරුවන්ගේ සහන පැකේජය කඩිනම් කිරීමට ඇමති විමල්ගෙන් පියවර රැසක් කර්මාන්තකරුවන්ට අවශ්‍ය වන ණය පහසුකම් හා ඔවුන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට සහාය දැක්වීය යුතු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරව...

Print   Email