fbpx

අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්

ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශීය රක්ෂණ සැපයුම්කරුවකු වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය සහයෝගය ලබා දීමේ වැඩසටහන් කීපයක්ම දියත් කළේය.

දුෂ්කර කාලයන් හි දී එකිනෙකා හට සහයෝගය ලබා දීම සඳහා වූ වගකීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන් ආරම්භ කෙරිණි.

දේශීය සමාගමක් වශයෙන්, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ සිය පොරොන්දුව ඉටු කරමින් අමානා තකාෆුල් රක්ෂණ සමාගම COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සහ පවුල් වලට මෙන්ම පසුගිය මෝසම් වැසි හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට ද සිය සහයෝගය ලබා දුන්නේය.

එහිදී සමාගම විසින් PPE Kits සහ Non-Rebreather Masks ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සැපයුම්, මාවනැල්ල සහ කෑගල්ල රෝහල් සඳහා පිරිනමමින් මෙම ආයතනික සමාජ වගකීම් වැඩසටහන් මාලාව ආරම්භ කළේය.

සමාගම ඉන් අනතුරුව, සෑම වසරකම ජුනි 14 වන දින සැමරෙන ලෝක රුධිර පරිත්‍යාග දිනය සමරමින්ද වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

එහිදී අමානා තකාෆුල් රක්ෂණ සමාගම, ජාතික රුධිර පාරවිලයන සේවාව (NBTS) සමඟ අත්වැල් බැඳගනිමින් වසංගත හා අහිතකර කාලගුණික තත්ත්වයන් නොතකා ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණි සියළුම රුධිර පරිත්‍යාගශීලීන්ට සිය කෘතඥතාවය පළකිරීමට කටයුතු කළේය.

සංචරණ සීමාවන් සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අපහසුතාවයට පත් දෛනික වැටුප් උපයන්නන් ඉලක්ක කර ගනිමින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුල් 200කට අධික පිරිසකට අමානා තකාෆුල් රක්ෂණ සමාගම මුල්‍යාධාර ලබා දුන්නේය. මෙම අවස්ථාවට වැල්ලම්පිටිය ප්‍රදේශවාසීන් සහ ප්‍රජාවේ ආගමික නායකයින් ද සහභාගී විය. මීට අමතරව, අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් ගංවතුරින් අසරණභාවයට පත්වූ වත්තල, පල්ලියවත්ත ඇතුළු ඒ ආශ්‍රිත ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වියළි සලාක බෙදා දීමද සිදු කෙරිණි.

ඒ අනුව සමස්ථයක් ලෙස අමානා තකාෆුල් රක්ෂණ සමාගමට ජුනි මාසය තුළ පවුල් 500 කට අධික සංඛ්‍යාවකගේ ජීවිත වෙත ළඟා වීමටත් ඔවුන්ට දායකත්වය ලබා දීමටත් හැකියාව ලැබී තිබේ.

සමාගමේ මෑත කාලීන සමාජ ප්‍රයත්නයන් පිළිබඳව අදහස් දක්වමින් අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ප්‍රධාන විකුණුම් නිලධාරි සුරේෂ් බස්නායක මහතා මෙසේ පැවසීය. “අමානා තකාෆුල් රක්ෂණයේ මූලික අරමුණ ගත් කල එහි ඇත්තේ සෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහාම සමාන සහයෝගිතාවය දැක්වීමයි. සමාගමක් වශයෙන් අප ක්‍රියාත්මක වන මූලධර්මය එයයි. අප සෑමවිටම අපගේ ප්‍රජාවන් රැකබලා ගැනීම සිදු කරන අතර ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා. අසරණභාවයට පත්වූවන් නඟා සිටුවීමට සහ අවශ්‍යතා ඇති අපගේ ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට අපි නිරතුරුව උත්සාහ කරනු ලබනවා. ‘රටේ සැමහට එක ලෙස’ යන අපගේ නැවුම් සන්නාම අනන්‍යතාවය සහිතව මේ වසර මුලදී එකිනෙකා කෙරෙහි වූ සහයෝගිතාවයේ පොරොන්දුව ද අප ලබා දුන්නා.”

අමානා තකාෆුල් රක්ෂණ සමාගම ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ විසඳුම් තුළින් සිතට සහනය ලබා දීමේ ශක්තිමත් දැක්මක් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් දශක දෙකකට වැඩි කාලයක් ජාතියට සේවය කර ඇත.

එසේම පාරිභෝගික කේන්ද්‍රීයතාව, විවෘතභාවය, ගුණාත්මකභාවය සහ විවිධත්වය යන මූලික හරයන් තුළින් සියලු පාර්ශවකරුවන්ට වටිනාකමක් එක් කිරීමට අඛණ්ඩව කැපවී සිටී. අමානා තකාෆුල් රක්ෂණ සමාගම සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම ගැලපෙන පරිදි සකස් කළ සෞඛ්‍ය, ජීවිත හා සාමාන්‍ය රක්‍ෂණ විසඳුම් ලබා දෙයි.

සමාගමේ තොරතුරු, රක්ෂණ විසඳුම් සහ සේවාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා www.takaful.lk වෙත පිවිසෙන්න.

 

පිටපත - Communique PR

සබැඳි පුවත්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම...
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම... ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියට මේ වනවිට වසර 7 ක් සම්පූර්ණ වී තිබේ...
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවන කාර්තුවේදී ද සමස්ථ සාමාන්‍...
V1, Self-Designed Imaging Chip හඳුන්වා දෙයි
V1, Self-Designed Imaging Chip හඳුන්වා දෙයි vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක ක...
බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි
බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බී...
පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි
පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි කිරි නිෂ්පාදන රාශියක් මෙරට වෙළඳපොළට හඳුන්වා දෙමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ඉහ...
අමානා වෙතින් අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක්
අමානා වෙතින් අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක් අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් Total Drive Prestige නමින් නව මෝටර් රථ රක්‍ෂණයක් හඳුන්වා දී තිබේ. රුපියල් මිලියන 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුතු වාහන සඳහා අමානා ...
Print