ඉදිරි වසර 05 තුළ පොළොන්නරුවට කර්මාන්ත පුනරුදයක් - ඇමැති විමල් කියයි

ඉදිරි පස් වසර තුළ දිවයින පුරා කර්මාන්තපුර 15ක් ඇරැඹීමට නියමිත බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති 'ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන' යටතේ පිහිටුවා ඇති 'පොළොන්නරුව දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවට' සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා ප්‍රමුඛතාවය දෙමින් නව කර්මාන්ත පුරයක් ඉදිකරන බවයි.

මෙම නව කර්මාන්තපුරය ඉදිකෙරෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ලක්ෂ උයන කර්මාන්තපුරයට අමතරව ය. මෙම කර්මාන්ත පුර මගින් කර්මාන්තකරුවන්ට සහන රැසක් ලැබෙන බවත් ප්‍රදේශයේ රැකියා විරහිත පිරිස්වලට රැකියා අවස්ථා ලැබෙන බවත් විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ගැටළු රැසකට මෙහිදී පිළියම් යෙදීමට ද ඒ මහතා කටයුතු කළේය.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීර, කනක හේරත්, රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි
ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් මුහුණදී ඇති ගැටළුවලට පිළියම් ලබාගැනීමේ අරමුණින් කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත...
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද පෙරවරුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. වෙළඳසැල් ...
vivo සමාගම ශ්‍රී ලංකාව තුළ සිය තෙවන සංවත්සරය සමරයි
vivo සමාගම ශ්‍රී ලංකාව තුළ සිය තෙවන සංවත්සරය සමරයි ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන vivo සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය 3 වන සංවත්සරය සමරයි. vivo දේශීය වෙළෙඳපොළට ඇතුළු වූ දා ...
බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට
බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ චොකලට් කර්මාන්තයක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ ...
ආසිරි සෙන්ට්‍රල් රෝහල, උතුරු පළාතේ සෞඛ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වයි
ආසිරි සෙන්ට්‍රල් රෝහල, උතුරු පළාතේ සෞඛ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වයි උතුරු පළාතේ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා එම පළාතේ සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත විශේෂ පුහුණුවක් ලබාදීමට ආසිරි රෝහල් ජාලය පසුගියදා පියවර ගත්තේය. ඒ උත...
ආනයනික මාළු සහ මාළු ආශ්‍රිත නිශ්පාදනයන්ගේ බදු මිළ ඉහළට
ආනයනික මාළු සහ මාළු ආශ්‍රිත නිශ්පාදනයන්ගේ බදු මිළ ඉහළට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතාගේ ඉල්ලීම පරිදි, මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 27 වනදා සිට දේශීය ටින්මාළු, කරවල හා උම්බලකඩ නිශ්පාදකයින්...

Print   Email