ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.

Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම ZenBook Flip 13 (UX363) සුවිශිෂ්ඨ portable අත්දැකීමක් ලබා දෙන අතර OLED touchscreen, 11th Generation Intel Core processors සහ Intel Iris Xe graphics මගින් බලගන්වා ඇත.

 

ZenBook Flip 13 යනු HDMI සහ USB Type-A ports ද සහිත ලොව සිහින්ම ලැප් ටොප් පරිගණකයයි. එහි නවතම Thunderbolt 4 USB-C ports දෙකක්ද වේ. නව ප්‍රොසෙසර සහ ග්‍රැෆික්ස්, මෙන්ම 16 GB RAM එක හා 1 TB PCIe® 3.0 SSD මගින් Silky-smooth ක්‍රියාකාරිත්වයක් සහතික කරනු ලබයි.

 

ZenBook Flip 13 හි ඇති WiFi 6, මගින් අන්තර්ජාලයේ 4K UHD වීඩියෝ සහ දත්ත හුවමාරුව 2.4 Gbps දක්වා රැහැන් මගින් සිදුකෙරෙන දත්ත හුවමාරු වේගයට වඩා වේගයෙන් ගමන් කරවීමට අවස්ථාව සලසා දී ඇත. රැහැන් රහිත සම්බන්දතා වඩාත් උසස් අන්දමින් සිදු කිරීම සඳහා ASUS WiFi Stabilizer සහ ASUS WiFi SmartConnect මෙම ලැප් ටොප් පරිගණකයෙහි ඇතුළත් වන අතර ASUS WiFi Master Premium technology තාක්ෂණයෙන් වයිෆයි ක්‍රියාකාරිත්වය තව දුරටත් ප්‍රශස්ත කර ඇත. ඒ අනුව WiFi signal සහ දmobile hotspots සමඟ බාධාවකින් තොරව සම්බන්ධ වේ.

 

අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන් අතේ ගෙන යා හැකි වන පරිදි නිර්මාණය කර ඇති ZenBook Flip 13, 13.9 mm තරම් සිහින් වන අතර 1.3 kg තරම් සැහැල්ලු බවකින් යුතු බහුකාර්ය හැකියාවන්ගෙන් සමවිතය. laptop, tablet, tent, stand, හෝ අවශ්‍ය ඕනෑම අකාරයකට භාවිත කල හැකි වන පරිදි අංශක 360ක් කරකැවිය හැකි වන පරිදි නිර්මාණය කර තිබේ. සුවපහසු යතුරු ලියන හැකියාවක් ලබා දීම සඳහා සහ ලැප් ටොප් පරිගණකයේ පද්ධති සිසිලනය කිරීම සඳහා වැඩිදියුණු කළ edge-to-edge keyboard පරිගණකය විවෘත කිරීමේදී ස්වයන්ක්‍රියව හැඩ ගැසේ. ZenBook Flip 13 හි පැහැදිලි හා විචිත්‍රවත් දර්ශන ලබා දීම සඳහා සිනිඳු FHD OLED NanoEdge touchscreen තිරයක් ඇත. එසේම OLED ස්පර්ශක තිරයේ සාම්ප්‍රදායික LCD වලට වඩා 1.6X වැඩි වර්ණ පරිමාවක් ඇති අතර හානිකර විමෝචන 70% දක්වා අඩු කිරීම සඳහා නිල්-ආලෝක අනුපාතය කළමනාකරණය කරයි. ඒ අනුව පැය ගණනක භාවිතයෙන් පසුව වුවද පරිශීලකයාගේ ඇසට අපහසුවක් නොවන බවට සහතික වේ.

 

ASUS Pen සහ Windows Ink සමඟ NanoEdge display හැකියාවන් කලාකරුවන්, ඡායාරූප ශිල්පීන් සහ නිර්මාණකරුවන්ට වඩාත් පහසුවක් ගෙන දේ. අළුතින් නිර්මාණය කරන ලද ASUS Pen හි පීඩන මට්ටම් 4096 ක් ඇති අතර එය වඩාත් ස්වාභාවික හැඟීම් ඇති කිරීම සඳහා වැඩි දියුණු කරන ලද නිරවද්‍යතාව සහ සංවේදීතාව සහතික කරයි. එහිදී නිර්මාණකරණය සඳහා සහාය දක්වන යෙදුමක අනිය නිර්මාණශීලිත්වය, සටහන් ගැනීම සහ බුද්ධිමය සංස්කරණය සඳහා මෙම ලැප්ටොප් පරිගණකය ඉතා ගුණාත්මක තේරීමක් වනු ඇත.

 

ZenBook Flip 13 හි ද්විත්ව ක්‍රියාකාරී ස්පර්ශක - ASUS NumberPad 2.0 ද පෙර මාදිලියට වඩා 30% විශාල වන අතර පහසුවෙන් දත්ත ඇතුළත් කිරීම සඳහා LED-illuminated numeric keypadයකින් ද සමන්විතය. NumberPad පහසුවෙන් සක්‍රිය හෝ අක්‍රිය කිරීමට touchpad එකෙහි විශේෂිත icon ක් ද ඇත.මෘදුකාංග භාවිතයේදී NumberPad සක්‍රිය වූ විට පවා කර්සරය පාලනය කිරීම සඳහා මෙහිදී ඉඩ ලබා දේ. එක් බැටරි අරෝපනයකින් පැය 14 ක් දක්වා ක්‍රියා කළ හැකි ඉහළ බැටරි ධාරිතාවයකින් යුත් 67 Wh බැටරියක් සහිත ZenBook Flip 13 වත්මන් කාර්යබහුල ලෝකයේ ඕනෑම විවිධාකාරයේ ජිවිත රටාවන්ට හුරු වූ සෑම දෙනාටම පහසුවක් ගෙන දේ. මෙහිදී ZenBook Flip 13 හි 65-watt chargerය fast charging සඳහා සහාය වන අතර ASUS USB-C Easy Charge මගින් පරිශීලකයින්ට පුළුල් පරාසයක විහිදුනු USB-C හෝ USB-C Power Delivery (PD) chargers හරහා බැටරි ආරෝපණ පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

 

ASUS ZenBook Flip 13 (UX363) හි වැඩි දුර තොරතුරු දැන ගැනීමට www.asus.com/lk වෙබ් අඩවියට පිවිසෙන්න.

 

Pin It

සබැඳි පුවත්

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි!
AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි! AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත "ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්" වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත්...
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමන...
පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී
පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් අඛණ්ඩව 19 වන වරටත් පවත්වන ලද Achiever Awards 2020 ස...
නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA
නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. ...
AIA ඉන්ෂුවරන්ස් විසින් cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි
AIA ඉන්ෂුවරන්ස් විසින් cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි ඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්‍රයත්නයේ දී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්...
සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්
සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක් මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිව...

Print   Email