කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියට මේ වනවිට වසර 7 ක් සම්පූර්ණ වී තිබේ.

මෙහි සාගරය ගොඩකිරීම් සහ අනෙකුත් මූලික කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ වූ අතර, ව්‍යාපෘතියේ මූලික ගොඩකිරීම් සහ අභ්‍යන්තර යටිතල පහසුකම් සඳහා සෘජු විදේශ ආයෝජනයන් ලෙස ශ්‍රී ලංකාව වෙත ලැබුණු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කි. ඉදිරි වසර 25 ක කාලය තුළ මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ආයෝජනයන් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Financial Center - CIFC) ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව, චයිනා හාබර් ඉංජිනියරින් සමාගම (China Harbour Engineering Company - CHEC) සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (Browns Investments PLC) පසුගිය වසරේදී නිවේදනය කළේ ය. මෙහි ප්‍රධාන හවුල්කරු ලෙස චයිනා හාබර් ඉංජිනියරින් සමාගම CIFC මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා සහයෝගීත්ව ගිවිසුමකට අත්සන් තබන ලදි. එමෙන්ම චයිනා හාබර් ඉංජිනියරින් සමාගම අනෙකුත් පාර්ශවකරැවන් සමග ශ්‍රී ලංකා රජය සමග ළඟදීම ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත වන අතර, ඉන් අනතුරුව 2021 වසර ඇතුළත අදාළ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිත වේ.

කොළඹ වරාය නගරය 7 වන සංවත්සරය සමරන මේ මොහොතේ, වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීම සහ එම කොමිෂන් සභාව පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. පසුගිය වසර 7 ක කාලය තුළ කොළඹ නගරයේ පෙර නොවූවිරූ වෙනසක් සිදුකිරීමට මෙම ව්‍යාපෘතිය සමත් වී ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළදී කොළඹ නගරය තවදුරටත් පරිවර්තනයන්ට ලක්කරමින්, එය ලොව විශිෂ්ටතම නගර අතරින් එකක් බවට පත්කිරීමට දායක වීමට වරාය නගර ව්‍යාපෘතිය අපේක්ෂා කරයි. එමෙන්ම COVID-19 සම්බන්ධ සීමාවන් ඉවත් කළ පසු කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය සහ වෙරළ තීරයන් මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමටද මේ වනවිට සැලසුම් කර තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන, මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන ලද හෙක්ටයාර 269 ක මෙම අලුත්ම භූමි ප‍්‍රමාණය ශ්‍රී ලංකා රජයේ හිමිකාරීත්වය යටතේ පවතී. මින් හෙක්ටයාර 91 ක් උද්‍යාන සහ හරිත සෙවණ සහිත මාවත් ඇතුළු පොදු පහසුකම් සඳහා වෙන්කෙරෙන අතර, හෙක්ටයාර 178 ක් ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති-නවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත‍්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම ආදිය සඳහා වෙන්කෙරේ.

 

පිටපත - PR

Pin It

සබැඳි පුවත්

DFCC Auto Loan ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම
DFCC Auto Loan ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Auto Loan’ නමින් සුවිශේෂී රථවාහන ණය සේවාවක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට තම වාහන සිහින සැබෑ කරගැනීමට අත්වැ...
INSEE තාක්ෂණික නිලධාරින් වෙත කොවිඩ් ආරක්ෂණ භාණ්ඩ පරිත්‍යාග කරයි
INSEE තාක්ෂණික නිලධාරින් වෙත කොවිඩ් ආරක්ෂණ භාණ්ඩ පරිත්‍යාග කරයි මෙරට ජනතාවට වඩාත් සමීප 'සංස්ථා සිමෙන්ති' වැනි නිෂ්පාදනයන් ගෙන එන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි ජාතික ...
 vivo වෙතින් සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි
vivo වෙතින් සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි වෙළඳපොලේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකථන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට...
DFCC බැංකුවේ ‘රන් වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක්
DFCC බැංකුවේ ‘රන් වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක් DFCC බැංකුව සිය ‘DFCC රන් වරම’ උකස් සේවාව ඔස්සේ ලබාදෙන අත්තිකාරම් මුදල වැඩි කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ. COVID-19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය නිසා...
දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ම...
පාලන මිල ඉවත් කලාට අධික ලෙස වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලසන්ත
පාලන මිල ඉවත් කලාට අධික ලෙස වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලසන්ත රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මෙම භාණ්ඩ වර්ග 4 එනම් කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති හා ගෑස් වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බව සමුපක...

Print   Email