Daraz වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන්වලට අරුම පුදුම තෑගි ගොන්නක්

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන Daraz සමඟ Daraz 5 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ Diamond හවුල්කරුවෙකු ලෙස සහයෝගීතාවයකට පිවිස ඇත.

vivo, තරුණයින්ගේ තාක්ෂණය මත පදනම් වූ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් Daraz online store සමඟ සහයෝගයෙන් 'Daraz Turns 5' ව්‍යාපාරය දියත් කර ඇත.

මෙම සහයෝගීතාවය මගින් දින 07ක් පුරා vivo පාරිභෝගිකයින් සඳහා ආකර්ෂණීය ත්‍යාග සහ දීමනා පිරිනමනු ඇත.

ඒ අනුව මෙම සුවිශේෂී දීමනා සහිත ප්‍රවර්ධන වැඩසටහන 2021 ඔක්තෝබර් 7 සිට ඔක්තෝබර් 13 දක්වා ක්‍රියාත්මක වේ.

දින 7ක් පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය තුළදී Daraz.lk මගින් vivo හි ඉහළම කාණ්ඩය වන V ශ්‍රේණියේ සහ විනෝදාශ්වාදය ලබා දීමට වැඩි හැකියාවකින් යුතු Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී earbuds, earphones, pen drives, vivo t-shirts, සහ caps වැනි ඔබ පුදුමයට පත් කරවන ත්‍යාග දිනා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා ඇත. එපමණක් නොව මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ පවත්වනු ලබන තරඟ වලට සහභාගී වී නවතම vivo ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනා ගැනීමට ද පාරිභෝගිකයින්ට ද අවස්ථාවක් හිමිවේ.

මෙහිදී vivo විසින් මෑතකදී වෙළඳපොළට හඳුන්වා දුන් V ශ්‍රේණියේ 44MP OIS Night Selfie System එකකින් සමන්විත විචිත්‍රවත් හා ආකර්ශනීය V21 5G දුරකථනය මෙන්ම 44MP Eye Autofocus Camera සහිත V21e ස්මාර්ට් ජංගම දුරකථනයද මිලදී ගත හැක. එලෙසම විශේෂාංග වලින් බහුල Y ශ්‍රේණියේ තරුණ්‍යයේ අවශ්‍යතාවයන් සපුරාලන Y1s, Y12s, Y20s සහ උපරිම පැහැදිලි ඡායාරූපකරණය සඳහා 64MP Rear Camera, 5000mAh බැටරිය සහ 33W Flash Charge ඇතුළත් නවතම Y53s දුරකථනයද මිලදී ගත හැක. Viewing experience ඉහළ නැංවීම සඳහා vivo Y1s ස්මාර්ට් ජංගම දුරකථනයේ 6.22-inch Halo FullView™ Display විශේෂාංගය මගින් බලසම්පන්න හැකියාවක් හිමිකර දෙයි. vivo Y12s හි 5000mAh බැටරිය සහ 3GB RAM ඔබට දිගු වෙලාවක් ආශ්වාදය ලැබීමේ අවස්ථාව උදා කරයි. එසේම G80 Gaming Processor එකකින් සමන්විත vivo Y20s වෙන කවරදාටත් වඩා gaming experience එකක් ලබා දෙයි. එසේම මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බාධාවකින් තොරව ක්‍රියාකාරීත්වය උපරිම කිරීම සඳහා 4GB RAM සහ 128GB ROM වලින්ද සමන්විතය.

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය ගැන අදහස් දක්වමින් vivo ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ ඇලිසන් ජින් මෙසේ අදහස් දැක්වීය, “පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් වශයෙන් පාරිභෝගික සේවාව ඉතාමත් වැදගත් වන බව vivo නිරතුරුවම විශ්වාස කරනව. තාක්ෂණික නවෝත්පාදනයන්, ආකර්ෂණීය විලාසිතා, අද්විතීය වට්ටම්, තෑගි සහ සේවා පිරිනැමීමේදී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන් කෙරෙහි vivo සැමවිටම සොයා බැලීමට කැපවී සිටිනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රියතම online store එක වන Daraz සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳව vivo සතුටු වන අතර එමඟින් ගනුදෙනුකරුවන් වෙත vivo සන්නාමය තවත් සමීප කර පාරිභෝගික විශ්වාසය වර්ධනය කර ගැනීමට හැකි වන බව අප විශ්වාස කරනවා. එම නිසා Daraz වෙතින් තෝරාගත් vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීම පිළිබඳව අපගේ කෘතඥතාව පල කරමින් vivo සිය ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී තෑගි පිරිනමනු ලබනවා.”

මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය හරහා vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට ප්‍රමුඛ පෙළේ credit cards සඳහා සුවිශේෂී වවුචර සහ පහසු ගෙවීමේ සැලසුම් හිමි වීම තවත් සුවිශේෂී වාසියකි. මේ පිළිබඳ වැඩි විස්තර DarazMall හි vivo Flagship Store සහ vivo Sri Lanka Facebook පිටුව හරහා ඔබට ලබා ගත හැකිය. vivo Flagship Store වෙත පිවිසෙන්න : https://click.daraz.lk/e/_6fyYf

 

 

පිටපත -PR 

Pin It

සබැඳි පුවත්

DFCC Auto Loan ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම
DFCC Auto Loan ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Auto Loan’ නමින් සුවිශේෂී රථවාහන ණය සේවාවක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට තම වාහන සිහින සැබෑ කරගැනීමට අත්වැ...
INSEE තාක්ෂණික නිලධාරින් වෙත කොවිඩ් ආරක්ෂණ භාණ්ඩ පරිත්‍යාග කරයි
INSEE තාක්ෂණික නිලධාරින් වෙත කොවිඩ් ආරක්ෂණ භාණ්ඩ පරිත්‍යාග කරයි මෙරට ජනතාවට වඩාත් සමීප 'සංස්ථා සිමෙන්ති' වැනි නිෂ්පාදනයන් ගෙන එන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි ජාතික ...
 vivo වෙතින් සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි
vivo වෙතින් සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි වෙළඳපොලේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකථන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට...
DFCC බැංකුවේ ‘රන් වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක්
DFCC බැංකුවේ ‘රන් වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක් DFCC බැංකුව සිය ‘DFCC රන් වරම’ උකස් සේවාව ඔස්සේ ලබාදෙන අත්තිකාරම් මුදල වැඩි කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ. COVID-19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය නිසා...
දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ම...
පාලන මිල ඉවත් කලාට අධික ලෙස වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලසන්ත
පාලන මිල ඉවත් කලාට අධික ලෙස වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලසන්ත රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මෙම භාණ්ඩ වර්ග 4 එනම් කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති හා ගෑස් වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බව සමුපක...

Print   Email