DFCC Auto Loan ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම

මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Auto Loan’ නමින් සුවිශේෂී රථවාහන ණය සේවාවක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට තම වාහන සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දී ඇත.

‘DFCC Auto Loan’ යටතේ දීර්ඝකාලීන ආපසු ගෙවීම් සැලසුම් යටතේ රු. මිලියන 10 ක් දක්වා ණය පහසුකම් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබේ. මෙම පහසුකම, ණය ගැනුම්කරුවන්ට අවශේෂ වටිනාකමක් (Residual value) ද සහිතව විධිමත් ආපසු ගෙවීමේ සැලැස්මක් ඔස්සේ තමන්ට කැමති වාහනය මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙයි. ණය කාලසීමාව අවසානයේදී අවශේෂ වටිනාකම ගෙවා අවසන් කිරීම වෙනුවට එය තවත් වසර කිහිපයක් දීර්ඝ කරගැනීමේ හැකියාවද පවතින අතර, සමස්ත ණය ආපසු ගෙවීමේ කාලය වසර 8 ක උපරිමයක් දක්වා දීර්ඝ කරගත හැකි වේ. මෙහිදී ණය ගැනුම්කරුට අවශ්‍ය නම් ණය කාලය අවසානයේ වාහනය අලෙවි කර අවශේෂ වටිනාකම පියවා, අලුත් වාහනයක් මිලදී ගැනීම සඳහා අලුතෙන් ණයක් ලබාගත හැක. අවම අවදානමක් සහ දීර්ඝ ණය කාලසීමාවක් සමගින් සහනදායී මාසික වාරික යටතේ වාහනයක් හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීම ‘DFCC Auto Loan’ හි මූලික අරමුණයි.

සියලුම කාර්, වෑන්, SUV, සහ ඩබල් කැබ් රථ සඳහා ‘DFCC Auto Loan’ ණය පහසුකම භාවිතා කළ හැකි වේ.

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ වර්ධනයට දායක වීම සඳහා, ජනතාවට වඩාත් පහසුවෙන් රථවාහන මිලදී ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව DFCC බැංකුව විශ්වාස කරයි. COVID-19 හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනයට බාධා එල්ල වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනතාවට සහන සලසමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට උරදීමක් වශයෙන් ‘DFCC Auto Loan’ සේවාව හඳුන්වා දීමට DFCC බැංකුව කටයුතු කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “පෙර නොවූ තරම් සහනදායී ලෙස වාහන මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් රටේ රථවාහන වෙළඳපොළ නැවත ශක්තිමත් කිරීමටත්, එය සැබෑ වෙනසකට ලක්කිරීමටත් ‘DFCC Auto Loan’ පහසුකමට හැකියාව තිබෙන බව අප විශ්වාස කරනවා. මේ ආකාරයට රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවමින්, තමන් සිහින දකින වාහනය මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමට හැකිවීමට අපට සතුටක්. මෙය අපගේ තිරසාරත්ව ක්‍රමෝපායට සමගාමීව සියලුම පාර්ශ්වකරුවන් වෙත සමාජ-ආර්ථික ප්‍රතිලාභ ලබාදෙමින්, ආර්ථික අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි.”

 

 

Pin It

සබැඳි පුවත්

INSEE, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
INSEE, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, හම්බන්තොට වරාය හරහා ගාල්ලේ පිහිටි තම කර්මාන්ත ශාලාව වෙත අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කාර්යක්ෂම...
මැලිබන් සමාගම “Great Place to Work” සහතිකකරණය හිමිකර ගනී
මැලිබන් සමාගම “Great Place to Work” සහතිකකරණය හිමිකර ගනී ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය හා ගෞරවය දිනූ සන්නාමයක් වන මැලිබන් බිස්කට්ස්, පසුගියදා “Great Place to Work” සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. තම කාර්ය මණ්ඩලයේ ...
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට රැකියාව කිරීමට සුදුසුම රැකියා ස්ථාන දහයෙන් එකක් ලෙස ඇගයීමට ලක් වී තිබේ. ශ්‍ර...
PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි
PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනි...
DFCC බැංකුව වෙත ඇමරිකාවේ DFC මගින් මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීමට ඩොලර් මිලියන 150 ක ණය...
DFCC බැංකුව වෙත ඇමරිකාවේ DFC මගින් මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීමට ඩොලර් මිලියන 150 ක ණය... ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට...
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස ගෞරවණීය සඳහනක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා ජාත...

Print   Email