DFCC Leasing Flash Promo නමින් පැය 24ක සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Leasing Flash Promo’ නමින් සුවිශේෂී, මාර්ගගත (Online) ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් 2021 ජූලි 30 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පැය 24 කට සීමා වන මෙම වැඩසටහන මගින්, පවතින ලීසිං අනුපාතයන්ට වඩා 0.5% ක් අඩු අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන් වෙත ලීසිං පහසුකම් ලබාදීමට නියමිත ය. ඒ අනුව, වාර්ෂික පොලී අනුපාතය 8.5% සිට ඉහළට ලීසිං පහසුකම් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ.

COVID-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු හා දෛනික ක්‍රියාකාරකම් බොහොමයක් අඩපණ වී ඇති නිසා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී බොහෝ දෙනෙක් දැන් මාර්ගගත (Online) ක්‍රමවේදයන් වෙත යොමුවෙමින් සිටිති. මෙවැනි තත්ත්වයක් හමුවේ අලුතෙන් වාහන මිලදී ගැනීමට මෙන්ම තමන් සතුව දැනට පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ තලයේ වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන සියලුම දෙනාට ලීසිං සඳහා පොලී වට්ටමක් ලබාදීම ‘DFCC Leasing Flash Promo’ වැඩසටහනේ අරමුණ වී තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් ලීසිං පහසුකම් ලබාගැනීමට කැමති ගනුදෙනුකරුවන් www.dfcc.lk වෙත පිවිසී ඒ සඳහා ලියාපදිංචි විය යුතු ය. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2021 ජූලි 30 දින පැවැත්වෙන අතර, එදින ලියාපදිංචි වී දින 60 ක් ඇතුළත ලීසිං පහසුකම් සඳහා අයදුම් කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලී අනුපාතයන්ට වඩා 0.5% ක් අඩුවෙන් ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබේ.

ලීසිං සේවාවන් සම්බන්ධයෙන් දශක 3 කට වැඩි පළපුරුද්දක් හිමි DFCC බැංකුවට, රටේ ලීසිං සේවා අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන විසඳුම් ලබාදීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම සමාගම් හා ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්ථාවර ආදායම් උපයන්නන්, වෘත්තිකයන්, සහ ව්‍යවසායකයන් ඇතුළු කාණ්ඩ වලට DFCC ලීසිං පහසුකම් ලබාගත හැකි අතර, ඒ ඔස්සේ ලියාපදිංචි කළ හා නොකළ මෝටර් රථ, SUV, වෑන් රථ, ත්‍රිරෝද රථ, සැහැල්ලු ට්‍රක් රථ, ඉදිකිරීම් රථවාහන, සහ යන්ත්‍රෝපකරණ ආදිය මිලදීගත හැකි ය. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව සැලසුම් කරන ලද සේවාවක් සමගින් නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම හිමිවීම, ලිපිලේඛන අවම වීම, ආකර්ෂණීය පොලී අනුපාත, කඩිනම් සේවාව, රටපුරා ශාඛා 139 කදී සේවාවන් ලබාගත හැකි වීම සහ අත්දැකීම් බහුල කණ්ඩායමක් වෙතින් ලීසිං උපදෙස් ලබාගත හැකි වීම ඇතුළු වාසි රැසක්ද මෙමගින් හිමි වේ.

DFCC ලීසිං පිළිබඳ වැඩිදුර තොරතුරු www.dfcc.lk වෙතින් ලබාගත හැකි අතර, එහි ඇති ‘ලීසිං ගණකය’ (Leasing calculator) භාවිතයෙන් තමන්ට අවශ්‍ය මුදල සඳහා ගෙවිය යුතු මාසික වාරිකය පිළිබඳ දළ අදහසක් ලබාගැනීමටද හැකි වනු ඇත.

 

පිටපත - PR

 

 

 

DFCC Bank pioneers the launch of a 24 hour Online ‘DFCC Leasing Flash Promo’

 

26 July 2021, Colombo: DFCC Bank, one of the island’s fastest growing premier commercial banks, has come forward with the ‘DFCC Leasing Flash Promo’, a 24 hour online leasing promotion which offers a 0.5% interest rate reduction on existing leasing rates. Accordingly very attractive lease rentals will be offered, interest rates starting from 8.50% p.a. This unique proposition arrives as a need-of-the-hour solution during this COVID-19 pandemic situation where the standard opportunities for physical leasing promotions at car dealerships and bank branches have been rendered impossible.

As Sri Lanka faces the adverse effects of the COVID-19 pandemic which has largely incapacitated regular business functions, DFCC Bank has identified the increased use of digital channels by people to order goods and apply for services. Coupling this with the need of the people who are intending to buy a vehicle or upgrade their existing vehicle, the bank has effectively integrated it into their leasing program with the ‘DFCC Leasing Flash Promo’. People who are interested in availing this promotion can register by visiting the DFCC Bank website www.dfcc.lk. The promotion is set to take place on the 30th of July 2021, with registered customers being able to avail a 0.5% interest reduction if they apply for a DFCC leasing facility within 60 days from the promotion date.

With over 3 decades of unparalleled service in the leasing business, DFCC Bank has positioned itself as a fully geared leader in meeting the leasing requirements of the nation. DFCC Leasing actively caters to the corporate and SME sector, fixed income earners, professionals, and entrepreneurs, allowing for the leasing of unregistered/registered motor cars, SUVs, vans, three-wheelers, light trucks, construction vehicles, machinery & equipment etc. DFCC Bank’s Leasing product is teeming with range of key benefits such as guaranteed personalized service, flexible repayment plans structured to suit individual needs, zero down payments, minimum documentation, attractive rate of interest coupled with a speedy service, easy access through a 139 branch network around the island, and professional leasing advice from an experienced team. For further details regarding the product, readers are encouraged to visit the DFCC Bank Leasing web page, which is also equipped with a ‘Lease Calculator’ which helps to calculate your monthly payments.

For more details: https://www.dfcc.lk/promotions/dfcc-leasing-flash-promo/

 

About DFCC Bank

DFCC Bank is a full-service Commercial Bank with a legacy of 65 years as one of Sri Lanka’s foremost financial conglomerates offers a gamut of commercial and development banking services. The Bank was ranked amongst Business Today’s Top 30 Corporates in Sri Lanka and was also positioned amongst Brand Finance’s Top 100 Most Valuable Brands, 2021.  DFCC Bank is rated [SL] AA- Stable by ICRA Lanka Limited and A+ (lka) Stable by Fitch Ratings Lanka Limited.

Pin It

සබැඳි පුවත්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම...
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම... ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියට මේ වනවිට වසර 7 ක් සම්පූර්ණ වී තිබේ...
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවන කාර්තුවේදී ද සමස්ථ සාමාන්‍...
V1, Self-Designed Imaging Chip හඳුන්වා දෙයි
V1, Self-Designed Imaging Chip හඳුන්වා දෙයි vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක ක...
බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි
බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බී...
පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි
පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි කිරි නිෂ්පාදන රාශියක් මෙරට වෙළඳපොළට හඳුන්වා දෙමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ඉහ...
අමානා වෙතින් අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක්
අමානා වෙතින් අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක් අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් Total Drive Prestige නමින් නව මෝටර් රථ රක්‍ෂණයක් හඳුන්වා දී තිබේ. රුපියල් මිලියන 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුතු වාහන සඳහා අමානා ...

Print   Email