DFCC බැංකුවේ ‘රන් වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක්

DFCC බැංකුව සිය ‘DFCC රන් වරම’ උකස් සේවාව ඔස්සේ ලබාදෙන අත්තිකාරම් මුදල වැඩි කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.

COVID-19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය නිසා බොහෝ පවුල් වලට මුහුණ දීමට සිදුවී ඇති ආර්ථික ගැටලු වලට සහනයක් ලෙස මෙම සේවාව පුළුල් කිරීමට බැංකුව තීරණය කර ඇත.

මෙම උකස් සේවාව යටතේ, වයස අවුරුදු 18 ට වැඩි සහ තමන් සතු භාණ්ඩ වල හිමිකාරීත්වය තහවුරු කිරීමේ හැකියාව සහිත ඕනෑම කෙනෙකුට රන් භාණ්ඩ උකස් තබා මුදල් ලබාගත හැකි වේ.

කැරට් 18 සිට 24 දක්වා රන් භාණ්ඩ මෙම සේවාව සඳහා භාරගැනෙන අතර, නවීනතම උපකරණ භාවිතයෙන් එම රත්‍රන් තක්සේරුවට ලක්කෙරේ.

කැරට් 24 සඳහා අත්තිකාරම් වටිනාකම රු. 82,000/- ක්ද, කැරට් 22 සඳහා අත්තිකාරම් වටිනාකම රු. 68,000/- ක්ද වන අතර, මාසික පොලිය 0.75% කි. මෙම රන් ණය පහසුකම් ලබාගන්නා පුද්ගලයන්ට තම හැකියාව අනුව අදාළ මුදල ආපසු ගෙවීම සඳහා මාස 12 ක් දක්වා කාලයක් හිමි වේ.

තවද තරගකාරී පොලී අනුපාත යටතේ ඉහළම අත්තිකාරම් මුදලක් හිමි වීම, රහස්‍යභාවය සහ රන් භාණ්ඩ වල ආරක්ෂාව සහතික වීම, නම්‍යශීලී ගෙවීම් පහසුකම්, අවශ්‍ය අවස්ථා වලදී සහ පූර්ව දැනුම් දීමකින් තොරව රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව යනාදී තවත් වාසි රැසක්ද DFCC බැංකුව සිය රන් වරම උකස් සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත.

කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිව, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමගින් DFCC රන් වරම රන් ණය පහසුකම් පිරිනැමීමට DFCC බැංකුව සූදානමින් සිටී.

මෙම සේවාව සම්බන්ධ වැඩිදුර තොරතුරු ළඟම පිහිටි DFCC ශාඛා වෙතින් හෝ DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය වන www.dfcc.lk වෙතින් ලබාගත හැකි වේ. එමෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක +94(11)2350000 පාරිභෝගික සේවා අංකය ඇමතීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.

 

Pin It

සබැඳි පුවත්

INSEE, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
INSEE, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, හම්බන්තොට වරාය හරහා ගාල්ලේ පිහිටි තම කර්මාන්ත ශාලාව වෙත අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කාර්යක්ෂම...
මැලිබන් සමාගම “Great Place to Work” සහතිකකරණය හිමිකර ගනී
මැලිබන් සමාගම “Great Place to Work” සහතිකකරණය හිමිකර ගනී ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය හා ගෞරවය දිනූ සන්නාමයක් වන මැලිබන් බිස්කට්ස්, පසුගියදා “Great Place to Work” සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. තම කාර්ය මණ්ඩලයේ ...
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට රැකියාව කිරීමට සුදුසුම රැකියා ස්ථාන දහයෙන් එකක් ලෙස ඇගයීමට ලක් වී තිබේ. ශ්‍ර...
PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි
PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනි...
DFCC බැංකුව වෙත ඇමරිකාවේ DFC මගින් මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීමට ඩොලර් මිලියන 150 ක ණය...
DFCC බැංකුව වෙත ඇමරිකාවේ DFC මගින් මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීමට ඩොලර් මිලියන 150 ක ණය... ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට...
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස ගෞරවණීය සඳහනක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා ජාත...

Print   Email