fbpx

ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකාව තුළ පූර්ණ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලා පිරිනමන රටේ කීර්තිමත්ම උසස් අධ්‍යාපන ආයතනයක් වන Edith Cowan University (ECU) – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් පසුගියදා සාර්ථක අයුරින් පැවැත්වීය.

වර්තමානයේ මතුවෙමින් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කේෂතුයේ නිරතවූවත් පත්වන පීඪාකාරී තත්වය හේතුවෙන් හෙද වෘත්තියේ විවිධ අංශයන්ගේ වර්ධනය කිරීමේ අරමුණින් ජයවර්ධනපුර රෝහල් ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා රෝහලේ හෙද නිලධාරින් 50 කට අධික පිරිසක් සහභාගී විය.

මෙම හෙද වැඩමුළුව ECU හි පුළුල් සමාජ තිරසාරභාවය සහ තිරසාර කුසලතා සංවර්ධන වැඩසටහන්වල කොටසක් ලෙසත්, ආයතනයේම හෙද වැඩසටහනට සහාය වීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූවකි.

ECU හි හෙද අධ්‍යයන වැඩසටහන් කැඳවුම්කරු මයුමි පෙරේරා මහත්මිය මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ, “අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ අවස්ථාවේ විවිධ අභියෝගවලට මුහුණ දී සිටිනවා. එබැවින් හෙද නිලධාරියාගේ කාර්යභාරය ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක වී තිබෙනවා. එමනිසා හෙද වෘත්තීය සංවර්ධනය මූලික අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍රයක් වී තිබෙනවා. මේ නිසා මෙම වැඩසටහන තුළින් අප ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ හෙද සේවාව දියුණුව උදෙසා ඔවුන් වෙත දැනුම, දිරිගැන්වීම සහ කුසලතා වර්ධනය කිරීම අරමුණු වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මෙවැනි කාර්යයන් කිරීමටත් අපි අපේක්ෂා කරනවා.''

ECU - Sri Lanka මගින් මෙහෙයවනු ලැබූ මෙම හෙද වැඩමුළුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද අංශයේ මහාචාර්ය තමාරා අමරසේකර, ECU විශ්වවිද්‍යාලයේ හෙද සහ වින්නඹු මාතා විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා වෛද්‍ය ටානියා බීමන්ට් සහ ශ්‍රී ලංකාවේ ECU හි අධ්‍යයන වැඩසටහන් කැඳවුම්කරු මයුමි පෙරේරා මහත්මයගෙන් සමන්විත දේශක මණ්ඩලයකගේ සහභාගිත්වයෙන් මෙම සුවිශේෂ වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය.

Edith Cowan University – Sri Lanka (ECU Sri Lanka) යනු Edith Cowan විශ්වවිද්‍යාලයේ සිව්වන මණ්ඩපය වන අතර, එය ශ්‍රී ලංකාවේදීම සම්පූර්ණ උපාධියක් ලබාදෙන ගෝලීය තලයේ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පහසුකම් ලබාදෙන ආයතනයකි. වර්තමානය වන විට මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශීයව Bachelor of Commerce, Bachelor of Computer Science, Bachelor of Science (Cybersecurity), Bachelor of Science (Biomedical Science), Bachelor of Design (Games and Interactive Design) සහ Bachelor of Science (Nursing Studies) ආදී පාඨමාලාවන් දියත් කරනු ලබයි.

ඕස්ට්‍රේලියාවේ ඉහළම පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලයක් වන Edith Cowan University, වාර්ෂිකව රටවල් 100ක පමණ ප්‍රමාණයකින් අන්තර්ජාතික සිසුන් 600කට අධ්‍යාපන අවස්ථා විවර කර දෙනු ලබන අතර, එහි උපාධි සහ පශ්චාත් උපාධි සිසුන් 30,000කට අධික ප්‍රමාණයට අධ්‍යාපන කාර්යයේ නිතර වේ. මෙහි කලා සහ මානව ශාස්ත්‍ර (Arts and Humanities),ව්‍යාපාර සහ නීතිය (Business and Law), අධ්‍යාපන (Education), ඉංජිනේරු (Engineering), වෛද්‍ය සහ සෞඛ්‍ය විද්‍යාව (Medical and Health Sciences), හෙද සහ වින්නඹු (Nursing and Midwifery),විද්‍යාව (Science) සහ බටහිර ඕස්ට්‍රේලියානු රංගකලා ඇකඩමිය (Western Australian Academy of Performing Arts -WAAPA) ඇතුළු පාසල් අටක් පාඨශාලා අටක් ස්ථාපිත කර ඇත.

 

Pin It

සබැඳි පුවත්

2021 වසරේදී Uber ආයතනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81 ක දායකත්වයක්
2021 වසරේදී Uber ආයතනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81 ක දායකත්වයක් එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන Public First සංවිධානය විසින් Uber ආයතනයේ 2021 ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාව එළිදැක්වීය. එම ව...
මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශාඛා ජාලයට මීගමුවත් එක්වෙයි
මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශාඛා ජාලයට මීගමුවත් එක්වෙයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩිය...
INSEE සිමෙන්ති, අභියෝගාත්මක කාලවල දී පවා ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙයි
INSEE සිමෙන්ති, අභියෝගාත්මක කාලවල දී පවා ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙයි ශ්‍රී ලංකාවේ විශාලතම සහ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම ප්‍රතිලාභීන් 500,000 කට අධික සංඛ්‍යාවකට සහයෝගය ලබා දෙන, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ග...
DFCC "Visit Kandy 2022" ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි
DFCC "Visit Kandy 2022" ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි DFCC බැංකුව, පසුගියදා Kandy City Centre විසින් සංවිධානය කරන ලද "Visit Kandy 2022" වැඩසටහනේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. මෙම වැඩසටහන 2022 අගෝස්තු 10 සිට ...
ඇමරිකා එක්සත් ජනපදයේ ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්
ඇමරිකා එක්සත් ජනපදයේ ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඇමරිකානු කුළුබඩු වෙළඳ සංගමය (ASTA) සමඟ එක්ව, ශ්‍රී ලංකාව කුළුබඩු අපනයන කරන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ප්‍රවර්ධනය කි...
ගෝලීය ව්‍යවසායකත්ව සතියට සම්බන්ධවීමට නව්‍ය ව්‍යවසායකත්ව දිරිගන්වන්නන් සදහා අවස්තාවක්
ගෝලීය ව්‍යවසායකත්ව සතියට සම්බන්ධවීමට නව්‍ය ව්‍යවසායකත්ව දිරිගන්වන්නන් සදහා අවස්තාවක් ගෝලීය ව්‍යවසායකත්ව සතියට ( The Global Entrepreneurship Week (GEW),) එක්වන ලෙස නව්‍ය ව්‍යවසායකතව දිරිගන්වන්නන් (startup ecosystem enablers ) වෙනුවෙන් ආරාධනා කරන ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook