සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයේ 40 ක පිරිසක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උපාධි ප්‍රදානෝත්සවයේදී වෘත්තීය අලෙවිකරණ සුදුසුකම් හිමිකර ගත්තේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය SLIM ආයතනයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම උත්කර්ෂවත් අවස්ථාවේ දී සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා SLIM ආයතනයේ හී යාවජීව (Fellow Life Member of SLIM) සාමාජිකයෙකු වශයෙන් පිදුම් ලැබීය. එලෙසම මේ වන විට සදාහරිත සමාගමේ 100කට ආසන්න සේවක පිරිසක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනේ (SLIM) වෘත්තීය සුදුසුකම් ලබා ඇති අතර මෙවර උපාධි ප්‍රධානෝත්සවයේදී වෘත්තීය සුදුසුකම් හිමිකර ගත් වැඩිම සේවක පිරිස හිමි සමාගම ලෙසද ඔවුන් කැපී පෙනුණි.

මෙම උපාධි ප්‍රධානෝත්සවයේදී ජාතියට සහ අලෙවිකරණ ක්‍ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා SLIM ආයතනයෙ හි යාවජීව (Fellow Life Member of SLIM) සාමාජිකයෙකු වශයෙන් පිදුම් ලැබීම සදාහරිත සමාගමට විශාල කීර්තියක් ගෙන දේ. විශේෂයෙන්ම ඒ මහතා SLIM හි සභාපතිවරයෙකු ලෙසත් ආසියා අලෙවිකරණ සම්මේලනයේ මහලේකම් ලෙසත් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති වශයෙන් ඔහුගේ නායකත්වය යටතේ SLIM ආයතනය සඳහා වූ ඉහළම මූල්‍ය කාර්ය සාධනයක් අත්කර ගෙන ඇත්තේ, බදු වර්ධන අනුපාතයට පෙර මෙතෙක් ලබා ඇති ඉහළම ලාභය 117% ක් සහ ආදායම් වර්ධනය 20% ක් ලෙසින් වාර්ථා කරමිණි. එසේම Gold at CA Annual Report Awards / Business Excellence Awards / SAFA Merit Award for Annual Report in India වැනි ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින්ද එතුමා පිදුම් ලබා තිබේ. එසේම එතුමන් යටතේ SLIM ආයතනය ප්‍රථම වරට Great Managers Awards සම්මානය සහ Great Place to Work සම්මානයද හිමිකර ගත්තේය.


සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා සිය සමාගමේ සේවකයින් වෘත්තීය හැකියාවන් සහ සුදුසුකම් ඉහළ නැංවීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “අපගේ විකුණුම් ප්‍රවර්ධන නිලධාරීන්ට පවා ආයතනික ව්‍යුහය තුළ වේගයෙන් ඉදිරියට පැමිණීමේ අවස්තාව හිමි වෙනවා. විශේෂයෙන්ම විශිෂ්ඨ කාර්ය සාධනයක් පෙන්නුම් කරන සේවකයින්ට කනිෂ්ඨ විධායක තනතුරු වල සිට ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ සාමාන්‍යධිකාරී තනතුරු දක්වා පැමිණීමේ අවස්ථාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට ඔවුන්ට සහාය වීමට හැකි වීම පිළිබඳව ම බෙහෙවින්ම සතුටට පත් වනවා.''

එලෙසම මේ පිළිබඳව සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වර්ඩ් මහතා මෙසේ අදහස් පල කළේය.“ අපගේ කාර්ය මණ්ඩලයේ වෘත්තීය ජීවිතය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය කරුණු වලදී අප සමාගමක් ලෙස අපගේ ප්‍රජාවට අවශ්‍ය සහය ලබා දීමට කැපවී සිටිනවා. විශේෂයෙන්ම SLIM ආයතනය සමඟ ඇති අවබෝධතා ගිවිසුමකට අනුව වසර ගණනාවක් පුරා අපගේ කාර්යමණ්ඩලයට SLIM උපාධි පාඨමාලා ඇතුළු විකුණුම් හා අලෙවිකරණ පාඨමාලා ප්‍රධානය කෙරෙනවා. එහිදී පාඨලාවන් සඳහා වන මුළු පිරිවැයම හෝ කොටසක් ආයතනය මගින් පිරිනැමෙනවා. මේ හරහා අපගේ කණ්ඩායමේ ශක්‍යතාවයන් ඉහළ නැංවීමට අපට හැකි වීම පිළිබඳව බෙහෙවින්ම සතුටු වනවා.”

සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙහිදී අදහස් දක්වමින් '' අපගේ කාර්යමණ්ඩලයට සිය වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩ නාග ගැනීමට ආයතනය ලබාදෙන මෙම සහය ආයතනයේ සාර්ථක ඉදිරි ගමන් මගට විශාල ශක්තියක් බවට පත්වනවා. අපගේ සියලුම කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම්වලින් ඉහළට ඔසවා තැබීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා'' යැයි පැවසිය.

එලෙසම ආයතනයේ සාමාන්‍යධිකාරී පුහුණු හා සංවර්ධන, නිරෝෂන් මානවඩු මහතා ද මෙලෙස අදහස් දැක්විය.'' මේවන විට අපගේ කාර්යමණ්ඩලයේ 20කට අධික පිරිසක් SLIM ජාතික ඩිප්ලෝමා හිමිකර ගෙන ඇති අතර 200කට අසන්න පිරිසක් SLIM වෘත්තීය අලෙවිකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා යොමු කරවමින් ඔවුන්ගේ වෘත්තීය ජිවිතයට ආලෝකයක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මෙලෙස අපගේ කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම් සපුරා ගනිමින් ඉදිරියට ගමන් කිරීම අපගේ සියලුම පාර්ශවකරුවන්ට විශාල සහයක් සහ ශක්තියක් බවට පත්වනවා. සමාගමක් ලෙස අප ඒ පිළිබඳව සැබවින්ම සතුටට පත් වනවා.''

 

 

Pin It

සබැඳි පුවත්

SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක්
SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවක තාක්ෂණික ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ පි...
විනෝදාත්මක බෝට්ටු නිෂ්පාදනයට වෙනුවෙන් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වැඩසටහනක්
විනෝදාත්මක බෝට්ටු නිෂ්පාදනයට වෙනුවෙන් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වැඩසටහනක් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය , ශ්‍රී ලංකාවේ විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ මාර්ගගත වැඩමුළුවක් පසුගිය 11 වැනි පැවැත්වි...
කොළඹ වරාය නගරයෙන් දේශීය හා ජාත්‍යන්තර සමාගම් වලට ආරාධනා
කොළඹ වරාය නගරයෙන් දේශීය හා ජාත්‍යන්තර සමාගම් වලට ආරාධනා කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූ බව, කොළඹ වරාය නගරයේ ව්‍ය...
ශ්‍රී ලංකාවට 5G ස්මාර්ට් ජංගම දුරකථන හදුන්වා දීමට vivo වැඩ අරඹයි
ශ්‍රී ලංකාවට 5G ස්මාර්ට් ජංගම දුරකථන හදුන්වා දීමට vivo වැඩ අරඹයි පසුගිය දශක කිහිපය පුරා ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණ ලෝකයේ පෙරළිකාරීත්වයක් දක්නට ලැබුණි. වසර ගණනාවක් පුරා, ජාල වේගය 1G සිට 4G දක්වා වර්ධනය වී ඇති හෙයින්, ස්ම...
AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි!
AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි! AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත "ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්" වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත්...
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමන...

Print   Email