ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් මුහුණදී ඇති ගැටළුවලට පිළියම් ලබාගැනීමේ අරමුණින් කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාව ඊයේ (24) දින හමුවිය.

එහිදී ඔවුන් මුහුණදී ඇති ගැටළු පිළිබද ඇමතිවරයා දැනුවත් කල අතර නියාමන කොන්දේසි සහ පාරිසරික කොන්දේසිවලට එකගවත් කර්මාන්තකරුවන්ට සාධාරණයක් වෙන ලෙසත් ඒවා විසදා ගැනීමට සහාය ලබාදීමට අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දු විය.

දැනට ආනයන සිමා කිරීම හේතුවෙන් ලංකාවේ නිෂ්පාදනය කල නොහැකි වර්ගයේ ඇසුරුම්, බෝතල් වැනි නිෂ්පාදන නියාමන නීති වලට එකගව ගෙන ඒමට ඉඩ ලබාදීම, සුවද විලවුන් නිෂ්පාදනයේදී අවශ්‍ය වන pump කොටස සදහා පනවා ඇති බදු සදහා සහනයක් ලබාදීම ඇතුළු කර්මාන්තරුවන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට සහ Tetra Pack ආනයනය සහ භාවිතය කිරි ආශ්‍රිත නිෂ්පාදන සදහා පමණක් යොදා ගැනීමට යෝජනා වූ අතර ඒ සදහා සොයාබලා අවසර ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

දැනට අවසර ලබාදී ඇති ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රමාණයන් පිළිබද අමාත්‍යංශය දැනුවත් කරන ලෙසත් ඇසුරුම් නිෂ්පාදකයින්ගේ නාමාවලියක් සකස්කොට එය එළිදක්වන ලෙසත්, පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයත්, කර්මාන්තකරුවනුත් එක්කර ඔවුන්ගේ ගැටළු සාකච්ජා කොට විසදුම් ලබාදීමට ඒකාබද්ධ සංසදයක් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට සහ අමාත්‍යංශයේ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් සහ නිෂ්පාදකයින් ඇතුළු නිලධාරින් පිරිසක් ද එකව සිටියහ.

 

 

 

 

 

Pin It

සබැඳි පුවත්

ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන...
ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන... ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකීම් සහතිකය (Sterling Aftercare Guarantee) හඳුන්වාදෙමින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකල ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා (පුද්...
රේගුවේ පොත නිසා දේශිය කර්මාන්තකරුවෝ අමරුවේ - ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලය කියයි
රේගුවේ පොත නිසා දේශිය කර්මාන්තකරුවෝ අමරුවේ - ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලය කියයි මෙරට කර්මාන්තකරුවන්ගේ ආදායම ඉහළ දැමීමේ අරමුණුන් ජනාධිපතිවරයා විසින් මෙරටට ගෙන්වන ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ නවතා දමා ඇති බව ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලයේ සාමාජික,...
1980 දී යාපනෙන් ටොරන්ටෝවට ආ දැවැන්ත ව්‍යාපාරිකයා
1980 දී යාපනෙන් ටොරන්ටෝවට ආ දැවැන්ත ව්‍යාපාරිකයා 1980 මුල්කාලයේ යාපනයේ ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රගුණ කරමින් දැව කර්මාන්තයෙන් තම ජීවිකාව සරිකරගත් පවුලක දඩබ්බර කොලු ගැටයා කුලා සෙල්ලතුරේ නම් විය. තමාගේ සහෝදරයන් ස...
වයිබර් දශක සැමරුමට සමගාමීව විශේෂ දීමනා රැසක් හඳුන්වාදෙයි
වයිබර් දශක සැමරුමට සමගාමීව විශේෂ දීමනා රැසක් හඳුන්වාදෙයි ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම දශක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් හා එක්ව වයිබර් පරිශීලකයින් වෙත ...
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද පෙරවරුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. වෙළඳසැල් ...
ඉදිරි වසර 05 තුළ පොළොන්නරුවට කර්මාන්ත පුනරුදයක් - ඇමැති විමල් කියයි
ඉදිරි වසර 05 තුළ පොළොන්නරුවට කර්මාන්ත පුනරුදයක් - ඇමැති විමල් කියයි ඉදිරි පස් වසර තුළ දිවයින පුරා කර්මාන්තපුර 15ක් ඇරැඹීමට නියමිත බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පොළොන්නරුව දිස්...

Print   Email