fbpx

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි

ව්‍යාපාර

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් මුහුණදී ඇති ගැටළුවලට පිළියම් ලබාගැනීමේ අරමුණින් කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාව ඊයේ (24) දින හමුවිය.

එහිදී ඔවුන් මුහුණදී ඇති ගැටළු පිළිබද ඇමතිවරයා දැනුවත් කල අතර නියාමන කොන්දේසි සහ පාරිසරික කොන්දේසිවලට එකගවත් කර්මාන්තකරුවන්ට සාධාරණයක් වෙන ලෙසත් ඒවා විසදා ගැනීමට සහාය ලබාදීමට අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දු විය.

දැනට ආනයන සිමා කිරීම හේතුවෙන් ලංකාවේ නිෂ්පාදනය කල නොහැකි වර්ගයේ ඇසුරුම්, බෝතල් වැනි නිෂ්පාදන නියාමන නීති වලට එකගව ගෙන ඒමට ඉඩ ලබාදීම, සුවද විලවුන් නිෂ්පාදනයේදී අවශ්‍ය වන pump කොටස සදහා පනවා ඇති බදු සදහා සහනයක් ලබාදීම ඇතුළු කර්මාන්තරුවන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට සහ Tetra Pack ආනයනය සහ භාවිතය කිරි ආශ්‍රිත නිෂ්පාදන සදහා පමණක් යොදා ගැනීමට යෝජනා වූ අතර ඒ සදහා සොයාබලා අවසර ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

දැනට අවසර ලබාදී ඇති ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රමාණයන් පිළිබද අමාත්‍යංශය දැනුවත් කරන ලෙසත් ඇසුරුම් නිෂ්පාදකයින්ගේ නාමාවලියක් සකස්කොට එය එළිදක්වන ලෙසත්, පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයත්, කර්මාන්තකරුවනුත් එක්කර ඔවුන්ගේ ගැටළු සාකච්ජා කොට විසදුම් ලබාදීමට ඒකාබද්ධ සංසදයක් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට සහ අමාත්‍යංශයේ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් සහ නිෂ්පාදකයින් ඇතුළු නිලධාරින් පිරිසක් ද එකව සිටියහ.

 

 

 

 

 

සබැඳි පුවත්

යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක්
යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක් ලෝකය COVID-19 වසංගතය සමග කටයුතු කිරීමට හුරු වෙමින් සිටින මොහොතක වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් සියල්ලන්ටම අපගේ හෘදයාංගම බව  vivo ශ්‍රී ලංකා සමාගම පවසයි....
වයිබර් Cupid Bot, ඇතුළු විශේෂාංග රැසක් සමඟ ඩිජිටල් අවකාශය හරහා ආදරවන්තයින්ගේ දිනය සමරන්න
වයිබර් Cupid Bot, ඇතුළු විශේෂාංග රැසක් සමඟ ඩිජිටල් අවකාශය හරහා ආදරවන්තයින්ගේ දිනය සමරන්න ශ්‍රී ලංකාව පමණක් නොව, ලොව පුරා කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් මෙවර ආදරවන්තයින්ගේ දින සැමරුම් පවා ඩිජිටල් අවකාශය තුළ සිදුකිරීමට හේතු වී ඇති පසුබිමක, වයිබර්...
ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි
ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ අලෙවිකරුවෙකු සහ හොන්ඩා සමාගමේ මෙරට බලයලත් නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්. සමාගම සමාගම ආරක්‍ෂිත යතුරුපැදි ධාවනය පිළිබඳව අ...
පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන
පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගව තෘණ සඳහා ඉඩම් නොමැති වීම පිළිබඳ ගැටළු කිහිපයක් හේතුවෙන් කිරි ගොවීන් සඳහා විශේෂ ඉඩම් වෙන් කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොර...
නව්‍යකරණ කැමරා සහ මෙහෙයුම් විශේෂාංග සමගින් එන VIVO Y SERIES
නව්‍යකරණ කැමරා සහ මෙහෙයුම් විශේෂාංග සමගින් එන VIVO Y SERIES ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සන්නාමයක් වන vivo සිය නවතම Y12s, Y20, Y20s සහ නවතම Y51 යටතේ power packed ස්මාර්ට් ජංගම දුරකථන හඳුන්වා දී තිබේ. පාරිභෝගික අ...
Aaraa & Aati වෙතින් අගනා නිල් මැණික් එකතුවක්
Aaraa & Aati වෙතින් අගනා නිල් මැණික් එකතුවක් ශ්‍රී ලාංකීය ස්වදේශික සුඛෝපභෝගී ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati, ජාත්‍යන්තර තත්වයේ උසස් මැණික් ගල් බටහිරට අපනයනය කිරීම වෙනුවෙන් කීර්තිමත් සමාගමක් වන අතර ...
Print