fbpx

නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA

ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens) හිදී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේදීම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60% ක් දැනටමත් අලෙවි කර ඇත.

 

Clover ව්‍යාපෘතියේ අති විශිෂ්ඨත්වය දැක බලා අත්විඳීමට මේ වන විට එහි නිවාස මිලදී ගෙන ඇති අනාගත පදිංචිකරැවන් මෙන්ම අනාගත ගැනුම්කරුවන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එහිදී මූල්‍ය, නෛතික, තාක්‍ෂණික හා සාමාන්‍ය විමසීම් මෙන්ම විවිධ අවශ්‍යතා යටතේ කෙරෙන විමසීම් සඳහා පැමිණි සෑම අමුත්තෙක් වෙනුවෙන්ම ප්‍රයිම් කණ්ඩායම සිය සහාය සහ මග පෙන්වීම සිදු කළේය.

 

ප්‍රයිම් සමුහයේ සම සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වෙමින් මෙසේ අදහස් දැක්වීය “ප්‍රයිම් සමූහය වශයෙන් අපි නිරන්තරවම අපගේ පාරිභෝගිකයින් සඳහා හොඳම තැනකින් සිය සිහින නිවහන ලබා දීමට කැපවී සිටිනවා. අද සමාරම්භය සනිටුහන් කල මෙම Clover in Thalawathugoda ව්‍යාපෘතිය කියන්නේ තවත් එක්තරා නිවාස ව්‍යාපෘතියක් නොවෙයි. එය නවීන ගෘහනිර්මාණ ශිල්පයේ අපූර්ව සෞන්දර්ය කැටිකර ගත් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක්. විශේෂයෙන්ම අපගේ දක්ෂ ඉහළ සුදුසුකම් සපිරූ වෘත්තීයවේදීන් අතින් තමයි මෙම සුඛෝපභෝගී තනි නිවාස සියල්ලකම පිරිසැලසුම්, අභ්‍යන්තර වර්ණ හා අලංකරණයන් මෙන්ම බාහිර අලංකරණ හා මෝස්‌තර පවා නිර්මාණය කර තිබෙන්නේ. මා හට මෙහිදී ඇතිවන විශේෂ සතුටට කරුණ වන්නේ දැනටමත් මෙම ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස වලින් 50%වඩා අලෙවි වී තිබීමටත් වඩා' අපගේ පාරිභෝගිකයින්ගේ ජිවිතයට නව අරුථක් ගෙන දෙමින් සැනසිලිදායක ජ්විතයක් පිළිබඳ බලාපොරොත්තුව ඔවුන් වෙත ගෙන දීමට හැකි වීමයි.”

 

Clover ප්‍රයිම් signature villas හි විලා 54ක් ඇති අතර සෑම villa එකක්ම වර්ග අඩි 3238 සිට 4385 දක්වා විශාලත්වයකින් යුතුය. විශාල ඉඩකඩක් සහිත මෙම විලා මාදිලි 16කින් තෝරා ගැනීමේ අවස්ථාව ඇත. තලවතුගොඩ අක්කර 4.5 ක භූමි භාගයක පිහිටි Clover villas හි පදිංචිකරුවන් වෙනුවෙන් දැවමය බිමක් සහිතව වායුසමීකරණය කළ නිදන කාමර, යුරෝපීය ප්‍රමිතියෙන් යුත් නාන කාමර, අංග සම්පූර්ණ පැන්ට්රි, සුර්ය පැනල මගින් ක්‍රියාත්මක උණු ජල පහසුකම් මෙන්ම rooftop terraces, පසු පස මිදුල, හා විවේකිව කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද සුවිශේෂී පරිසරයකින්ද සමන්විතය.

 

Clover විලා හී පොදු පහසුකම් අතර පැය 24 පුරා ආරක්ෂාව මෙන්ම පුද්ගලිකත්වය ආරක්ෂාවන වටපිටාවකින් සමන්විතය. එසේම සුවපහසු විවේකාගාරයක් ලෙස භාවිත කල හැකි විවෘත ලොබියක්, දැවමය මන්තිරුවක් සහිත ජල තටාකයක්, අංගසම්පූර්ණ වායුසමීකරණය කරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයක්, යෝගා කිරීම සඳහා ජල තටාකයට ඉහළින් ඉදිකරන ලද ටිම්බ ඩෙක් එකක් ද ඇතුළත් අතර මේ සියල්ල මගින් Clover විලා හි තෘප්තිමත් ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය සෞන්දර්යාත්මකභාවය ඉහළ නංවයි.

 

ඉතා ඉහළ ඉල්ලුමක් පවතින කොළඹ නගරාසන්න කලාපයක් වන තලවතුගොඩ නගරයේ පිහිටා ඇති Clover විලා නුතනත්වයෙන් පිරිපුන් සමගිසම්පන්න පරිසරයක නිස්කලංක ජීවිතයකට මග පාදයි. නාගරික පහසුකම් අතේ දුරින් ඇති කොරෙයා උද්‍යානයේ (Corea Gardens) Clover හි පදිංචිකරුවන්ට හරිත පැහැයෙන් යුක්ත නාගරික ජීවිතයක විචිත්‍රත්වය තුලින් සුන්දර ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථාව සහතික කරයි.

 

තලවතුගොඩ Clover සිහින නිවාස සහ signature villas පිළිබඳ වැඩි විස්තර සඳහා www.primelands.lk/lands/clover-thalawathugoda වෙබ් අඩවියට පිවිසෙන්න නැතහොත් 0703004411 අමතන්න.

 

පිටපත - PR

 

 

සබැඳි පුවත්

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි!
AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි! AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත "ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්" වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත්...
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමන...
පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී
පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් අඛණ්ඩව 19 වන වරටත් පවත්වන ලද Achiever Awards 2020 ස...
AIA ඉන්ෂුවරන්ස් විසින් cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි
AIA ඉන්ෂුවරන්ස් විසින් cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි ඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්‍රයත්නයේ දී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්...
සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්
සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක් මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිව...
ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි
ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම ZenB...
Print