පාලන මිල ඉවත් කලාට අධික ලෙස වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලසන්ත

රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මෙම භාණ්ඩ වර්ග 4 එනම් කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති හා ගෑස් වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය 07 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර එයට එක් පිළියමක් ලෙස මෙම භාණ්ඩ වර්ග 4 වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වුවද පාලන මිල ඉවත් කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් අදාළ සමාගම් වලට අසාධාරණ, අධික මිල වැඩි කිරීමක් සිදු නොකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. අදාළ සියලු සමාගම් කැඳවා මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර එහිදී විශේෂයෙන්ම යම් සමාගමක් විසින් මෙම ලබා දී තිබෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන අසාධාරණ ලෙස මිල වැඩි කිරීමක් සිදු කළහොත් නැවත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මිල පාලනය කිරීමට සිදුවන බව ද දන්වා ඇති බව හෙතෙම පැවසිය.

තවදුරටත් ඉතා කඩිනමින් භාණ්ඩ නිෂ්පාදනය වැඩි කොට භාණ්ඩ සුලභ කිරීමට කටයුතු කරන ලෙස ද ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ යම් මිල අඩු කිරීමක් සිදු කළහොත් එයට සාපේක්ෂව භාණ්ඩ වල මිළ අඩු කිරීමක් සිදු කළ යුතු බව ද දන්වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

Pin It

සබැඳි පුවත්

DFCC Auto Loan ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම
DFCC Auto Loan ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Auto Loan’ නමින් සුවිශේෂී රථවාහන ණය සේවාවක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට තම වාහන සිහින සැබෑ කරගැනීමට අත්වැ...
INSEE තාක්ෂණික නිලධාරින් වෙත කොවිඩ් ආරක්ෂණ භාණ්ඩ පරිත්‍යාග කරයි
INSEE තාක්ෂණික නිලධාරින් වෙත කොවිඩ් ආරක්ෂණ භාණ්ඩ පරිත්‍යාග කරයි මෙරට ජනතාවට වඩාත් සමීප 'සංස්ථා සිමෙන්ති' වැනි නිෂ්පාදනයන් ගෙන එන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි ජාතික ...
 vivo වෙතින් සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි
vivo වෙතින් සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි වෙළඳපොලේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකථන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට...
DFCC බැංකුවේ ‘රන් වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක්
DFCC බැංකුවේ ‘රන් වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක් DFCC බැංකුව සිය ‘DFCC රන් වරම’ උකස් සේවාව ඔස්සේ ලබාදෙන අත්තිකාරම් මුදල වැඩි කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ. COVID-19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය නිසා...
දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ම...
Daraz වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන්වලට අරුම පුදුම තෑගි ගොන්නක්
Daraz වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන්වලට අරුම පුදුම තෑගි ගොන්නක් ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන Daraz සමඟ Daraz 5 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ D...

Print   Email