ඉන්ධන මත පනවා රු. 26 අධිභාරය රජය ඉවත් කළා- ඇමැති අමරවීර

කොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය පසුගිය 23 වනදා රාත්‍රියේ සිට ඉවත් කරන ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊට හේතුව නම් නැවතත් ලෝක වෙළෙඳ පළේ ඉන්ධන මිල ගණන් ක්‍රමයෙන් ඉහළයමින් පැවැතීමයි. ලෝක වෙළෙඳපළ තුළ ඉන්ධන මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමේ අදහසක් නැතැයි අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 ඉන්ධන අධිභාරය ඉවත් කිරීම මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවන පාඩුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 35කටත් වඩා වැඩිවන අතර, ඩීසල් ලීටරයකින් සිදුවන පාඩුව රු. 25ක් පමණ වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය මාස දෙක තුන තුළ ලෝක වෙළෙඳ පළෙහි ඉන්ධන මිල පහළ යාම තාවකාලිකව සිදු වූවක් වන අතර කොවිඩ් 19 නිසා ලෝකයේ බොහෝ රටවල් විසින් පනවා තිබු සීමාවන් ඉවත් කිරීමත් සමග නැවත වරක් ඉන්ධන මිල ඉහළ යමින් තිබේ. එම අවස්ථාවේ මිල අවම නිසා ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමක් සිදු නොකළේ ඉන්ධන මිල ඉහළ ගිය පසු නැවතත් මිල වැඩි කිරීමට සිදුවන නිසා බව කී අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල කෙතරම් ඉහළ ගියද, මෙම වසර අවසානය වන තෙක් මෙරට ඉන්ධන ‍
මිල ඉහළ දැමීමක් කිසිදු අයුරකින් සිදු නොකරන බව ද සඳහන් කළේය.

ඉන්ධන අධිභාරය පැනවීමේ වාසිය මහජනතාවට ලබා දීම රජයේ අරමුණ බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල නැවතත් ඉහළයමින් පවතින බැවින් , මිල අඩුවු අවස්ථාවේ ඉන්ධන මිල අඩු කළා නම් ඉතාමත් කෙටිකාලයක් තුල ඉන්ධන මිල නැවතත් ඉහළ නැංවීමට රජයට සිදුවනු ඇත. එමෙන්ම ඉන්ධන මිල අඩු කළා නම් එහි වාසිය අත්වන්නේ සාමාන්‍ය මහජනතාවට නොව වාහන ඇති සීමිත පිරිසකට පමණි. නමුත් අධිභාරය පැනවීම තුළින් ඉන්ධන මිල පහළ යාමේ වාසිය රටට අත් වු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Pin It

සබැඳි පුවත්

mid range ස්මාර්ට් ජංගම දුරකථනය ළගදීම මෙරට වෙලෙඳපොලට
mid range ස්මාර්ට් ජංගම දුරකථනය ළගදීම මෙරට වෙලෙඳපොලට නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයා වන vivo Mobile ඔවුන්ගේ නවතම mid range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y50 දුරකථනය ජූලි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ස...
තේ අපනයනට අයකරන රු.3.50 බද්ද මාස 06ට තාවකාලිකව අත්හිටුවයි
තේ අපනයනට අයකරන රු.3.50 බද්ද මාස 06ට තාවකාලිකව අත්හිටුවයි තේ අපනයනය මත පනවා ඇති තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අපනයනයට කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් මත ලියාපදිංචි අපනයනකරු...
වසවිස නැති සහල් නැගෙනහිරින් වෙළඳපොළට - නැගෙනහිර ආණ්ඩුකාර
වසවිස නැති සහල් නැගෙනහිරින් වෙළඳපොළට - නැගෙනහිර ආණ්ඩුකාර රජයේ පාලන මිල යටතේ රු.50කට වි කිලෝවක් ලබා ගැනීමට තිබියදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රදේශයේ ඇතැම් ගොවීන්ගෙන් වී මෝල් හිමියන් රු.23ක් වැනි මුදලකට වී කි...
ආනයනික ආහාර විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනයක්
ආනයනික ආහාර විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනයක් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා මාස 6 ක් වැනි කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා ඇත. ඒ අනුව මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-...
කොටස් වෙළඳ පොළේ දැවැන්ත පිබිදීමක්
කොටස් වෙළඳ පොළේ දැවැන්ත පිබිදීමක් කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ(18) දින දැවැන්ත පිබිදීමක් සහ  වර්ධනයක් වාර්තා කල බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. වාර්තාවන ආකාරයට අද දිනයේ සියලු කොටස් මිල දර...
ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක්
ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක් කොළඹ තේ වෙන්දේසියේ දි ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතිහාසගත ඉහළ මිලක් හිමි ව තිබේ. ඒ අනුව කොළඹ තේ වෙන්දේසියේ දී අමු තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 8...

Print   Email