fbpx

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ආයතනික කාබන් පිය සටහන අවම කිරීමේ සැලසුමක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් 2030 වර්ෂය වන විට පරිසරයට කාබන් මුදා හැරීම අවම කිරීමේ අභිලාෂය පෙරදැරි කොටගෙන කාබන් පියසටහන් අවම කිරීම සඳහා මුල පුරා ඇත.

සෑම වසරකම ජුනි 05 වෙනිදාට යෙදෙන ලෝක පරිසර දිනය සනිටුහන් කරමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවට ඔවුන් නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ග්‍රාමීය ආර්ථිකයන් සහ බිම් මට්ටමේ ව්‍යවසායකයන් නඟා සිටුවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන මෙරට පැරණිතම හා අඛණ්ඩතම සමාජ ව්‍යාපාරය වන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය විසින් මෙම සමාගම පිහිටුවන ලද බැවින් තිරසාරභාවය සහ පාරිසරික වගකීම සමාගමේ මෙහෙයුම් හි හරය වේ.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි ප්‍රධාන විධායක නිළදාරි නිලන්ත ජයනෙත්ති මහතා මෙම කාබන් මුදා හැරීම අවම කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධව මෙලෙස අදහස් දක්වන ලදී. “ 2030 වසර වන විට අපගේ තිරසාර මූල්‍යකරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා තිරසාර මාර්ගෝපදේශ අනුව කටයුතු කරනවා. අපගේ ඉදිරි ගමන් මග අනුව පරිසරයට සහ ප්‍රජාවට සිදුවන යහපත් බලපෑම පිළිබඳව වගකීම, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සියළුම පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට ද පැවරී තිබෙන බව අප විශ්වාස කරනවා. එහි ප්‍රතිඵයක් වශයෙන් අපගේ තිරසාර මාර්ගෝපදේශ රාමුව මඟින් මෙහෙයවනු ලබන කාබන් අවම ව්‍යවසායක් ලෙස නැඟී සිටීම අවසන් ඉලක්කය කොට ගෙන විවිධ මුලපිරීම් රැසක් සමඟින් අපගේ කාබන් පියසටහන් අවම කිරීමේ සැලසුම ක්‍රියාත්මක කෙරෙනවා. ඒලෙසම අපගේ ප්‍රජාව සම්බන්දයෙන්ද සැලකිලිමත්ව කටයුතු කරන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, ව්‍යවසායකත්වය, සමාජ සුබසාධනය, විශේෂ අවස්ථා ඇති පුද්ගලයින් සහ කාන්තාවන්ගේ අවශ්‍යතා ආවරණය කරමින් සමාජ සහයෝගය සහ සංවර්ධනය වෙනුවෙන් මුල පිරීම් රාශියක් සිදු කොට තිබෙනවා. මේ අනුව අපි 2022 ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් සියළුදෙනාම වෙනුවෙන් අපගේ වගකීම් සහ යුතුකම් කොටස ඉටු කිරීමේ අධිෂ්ඨානය තවත් අලුත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් විසින් පසුගිය වසර තුල සිදුකරන ලද වඩාත් වැදගත්ම පාරිසරික ව්‍යාපෘතිය වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලය, පරිසර අමාත්‍යංශය, කොළඹ විශ්ව විද්‍යාලීය උපාධිදාරී සංගමය සහ ස්වර්ණවාහිනිය සමඟ එක්ව සිදුකල රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහන් කල හැකිය. ඒ අනුව මී පැළ 50,000 සිටුවීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් අනුග්‍රහය ලබා දුන් අතර, හම්බන්තොට ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනකින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. එලෙස ගස් 1,000 ක් අම්පාර ප්‍රදේශයේද රෝපණය කරන ලද අතර සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් අනුග්‍රගයෙන් සර්වෝදය බණ්ඩාරගම මධ්‍යස්ථානයේද උත්සවයක් පැවැතිවුණි. මෙම සෑම රුක් රෝපණ වැඩසහනකටම පෙර පාරිසරික වගකීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෙටි සම්මන්ත්‍රණ පවත්වනු ලබයි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කොළඹ විශ්ව විද්‍යාලය සමඟින් එක්ව සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වනු ලබන ගණිත සම්මන්ත්‍රණ වලින් අනතුරුව සහභාගීවූ සෑම අයෙකුටම මී පැළයක් තිළිණ කරයි. මේ වනවිට මෙම සම්මන්ත්‍රණ මාලාව අම්පාර ඩී.එස්. සේනානායක ජාතික විද්‍යාලයේ, අම්පාර උහන මහ විද්‍යාලයේ මෙන්ම පසුගියදා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේද පැවැත්වුණි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම මෙලෙස තිරසාර ව්‍යාපාරික අකෘතින් ප්‍රවර්ධනය කරමින් හරිත ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී. වි‌ශේෂයෙන්ම තිරසාර මූල්‍යකරණය හරහා පරිසර හිතකාමී ව්‍යාපාර එනම් සූර්ය පැනල, ආර්ථික පුනර්ජීවනය උදෙසා අත්‍යාවශ්‍ය කෘෂිකාර්මික ව්‍යාපාර සදහා සහය දක්වයි. ඒ අනුව සිය කාර්යාල තුල සූර්ය බලශක්තිය භාවිතා කරමින් සහ සිය පාරිභෝගිකයන්හටද තිරසාර සංකල්ප ප්‍රවර්ධනය සදහා ද මූලිකත්වය ලබා දෙයි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම හරිත ශාඛා කරා ගමන් කිරීමේ පුළුල් ප්‍රයත්නයේ සමාරම්භක පියවරක් ලෙස 2019 දී කොළඹ 08 පිහිටි ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ සූර්ය පැනල පද්ධති ස්ථාපනය කරමින් පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම පියවර සනිටුහන් කළේය. ඒ අනුව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මාසික විදුලි අවශ්‍යතාවයෙන් 35% ක් සූර්ය පැනල මඟින් සපුරා ගනී. එමෙන්ම කඩදාසි භාවිතයෙන් තොර වීමද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි හරිත ශාඛා සංකල්පයේ තවත් වැදගත් සංධිස්ථානයකි. ප්‍රධාන වශයෙන් ඔවුන් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් කාර්යාලීය කටයුතු සිදුකරන අතර එමඟින් ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය වැඩි කිරීමට සමාගම බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් ගත් උත්සහයන් මෑත කාලීනව විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දී ඇති අතර සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි කඩදාසි පරිභෝජනය පසුගිය වසර 3ක් තුල අඛණ්ඩව වසරින් වසර අවම මට්ටමකට පැමිණ ඇත. ඔවුන්ගේ දෛනික ක්‍රියාවලියේදී ප්‍රායෝගිකව, කඩදාසි භාවිතය අවම කිරීමට සහ නැවත භාවිතා කිරීමට සේවකයන් දිරිමත් කරනු ලබයි. එසේම කඩදාසි, අපද්‍රව්‍ය වගකීමෙන් නිසිලෙස බැහැර කිරීම සහතික කිරීම සදහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අනුමත ප්‍රතිචක්‍රීකරණ හවුල්කරුවෙකු සමඟද අත්වැල් බැදගනිමින් කටයුතු කරයි.

පිටපත - PR

 

Pin It

සබැඳි පුවත්

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආචාර්ය උපාධි (DBA) 2021/24 කණ්ඩායමේ හමුව සාර්...
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආචාර්ය උපාධි (DBA) 2021/24 කණ්ඩායමේ හමුව සාර්... කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ 2021/24 ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි (DBA) කණ්ඩායමේ හමුව පසුගියදා කොළඹ Jetwing හි Verticle උත්සව ශාලාවේ දී පැවැ...
අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම PIM සමඟ එක්ව නායකත්ව විශිෂ්ටතා පුහුණු වැඩසටහනක්
අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම PIM සමඟ එක්ව නායකත්ව විශිෂ්ටතා පුහුණු වැඩසටහනක් අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය සේවකයින් අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇති සිය කැපවීම තහවුරු කරමින් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ කුසලතා සහ නිපුණ...
DFCC බැංකුව සහ Mastercard එක්ව ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා දෙයි
DFCC බැංකුව සහ Mastercard එක්ව ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා දෙයි ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්...
ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය මී පැල සහ දේශීය ශාක ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය මී පැල සහ දේශීය ශාක ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය 2022 ලෝක පරිසර දිනයට සමගාමීව සිය වගා භුමි ආශ්‍රිතව මී පැල සහ දේශීය ශාක ලක්ෂයක් 100,000ක් සිටුවීමේ Together with Mee...
JAT මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි
JAT මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි ශ්‍රී ලාංකීය බහුජාතික සමූහ ව්‍යාපාරයක් මෙන්ම දැව ආලේපන වෙළෙඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම, 2021/22 මූල්‍ය වර්ෂය තුළ බදු පසු ලාභය දෙගුණයක් දක්වා වර්ධනය කර ...
බැංකු රක්ෂණ සේවාවන් උදෙසා අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි
බැංකු රක්ෂණ සේවාවන් උදෙසා අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වී සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂී බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙමගින් ගනුදෙන...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook