ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට INSEE සංස්ථා සිමෙන්ති සඳහා විශේෂ වට්ටම් පිරිනැමේ

මෙරට කොවිඩ් මර්දන සටනේ ඉදිරියෙන්ම රැඳීසිටිමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය සිමෙන්ති සන්නාමය වන INSEE පසුගියදා පියවර ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ INSEE සමාගම අතර අත්සන් කෙරුණු මෙම ගිවිසුම හරහා, ඕනෑම යුද හමුදා සාමාජිකයෙකුට INSEE සංස්ථා සිමෙන්ති මිලදී ගැනීමේදී සුවිශේෂී සහන මිලක් හිමි වේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී පැවැති මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක සහ INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති යාන් කුනික් (විකුණුම්, අලෙවි සහ නවෝත්පාදන) යන මහත්වරු එක්ව සිටියහ.

“සහන සේවා පිරිනැමීමේ සිට, කොවිඩ් ආසාදිතයින් සොයා විමර්ශන කරමින් හා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා යුද හමුදාව, දේශීය කොවිඩ් මර්දන සටන සඳහා අනුපමේය දායකත්වයක් ලබාදී තිබෙනවා. එවන් මොහොතක යුද හමුදා සුබසාධක අංශය හා එක්ව සැමදෙනාගේ ආදරය දිනාගත් ‘සංස්ථා’ සිමෙන්ති නිෂ්පාදන සහන මිලක් යටතේ හමුදා සාමාජිකයින්ට ලබාදීමට අවස්ථාව උදාවීම අපටත් විශාල ගෞරවයක්. රට නැවත ගොඩනැංවීමේ කර්තව්‍යයේදී වගකිව යුතු පුරවැසියෙකු ලෙස අඛණ්ඩව අපගේ දායකත්වය ලබාදීමටත් අපි කැපවී සිටිනවා” යනුවෙන් යාන් කුනික් මහතා පැවසීය.

මෙම නව ගිවිසුමට අනුව පනාගොඩ, අනුරාධපුර, පල්ලේකැලේ, මින්නේරිය, බූස්ස, අම්පාර, දියතලාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හමුදා මූලස්ථානවල පිහිටි හමුදා සුබසාධක වෙළෙඳසැල් හරහා සහන මිල ගණන් යටතේ INSEE සංස්ථා සිමෙන්ති මිලදීගැනීමේ අවස්ථාව හමුදා සාමාජිකයින්ට හිමි වේ.

වසංගත තත්ත්වයේ වැඩිම බලපෑමක් පැවැති පසුගිය කාලයේදී, කොවිඩ් මර්දනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ කාර්යභාරයට සහයෝගය දක්වමින් යුද හමුදාව වෙත මුහුණු ආවරණ සහ මුඛ ආවරණ පිරිනැමීමට ද INSEE සමාගම පියවර ගෙන තිබුණි.

 

Pin It

සබැඳි පුවත්

දැව භාණ්ඩ නිපදවීම කඩිනමින් කල යුතුයි - ඇමැති විමල් පවසයි
දැව භාණ්ඩ නිපදවීම කඩිනමින් කල යුතුයි - ඇමැති විමල් පවසයි දැව භාණ්ඩ ආනයනය සීමා වී ඇති මේ මොහොතේ එම වාසිදායක තත්වය නියමානුකූලව යොදා ගනිමින් ගුණාත්මක තත්වයෙන් ඉහළ දැව භාණ්ඩ නිපදවීමට දැව ආශ්‍රිත කර්මාන්තකරුවන් කඩිනමින් කට...
දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක්
දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක් දැව ආශ්‍රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් එය ප්‍රවර්ධනය පිණිස කඩිනමින් ගත හැකි පියවර ගැනීමට තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දැව ආශ්‍රිත කර්මාන්...
සහන මිලට පොල් බෙදා දීම ඇරඹෙයි
සහන මිලට පොල් බෙදා දීම ඇරඹෙයි දේශිය වෙලෙඳපොල තුල පොල් මිල ඉහළ යාම හේතුවෙන් පොල් සංවර්ධන මණ්ඩලය විසින් අද (22) දින සිට සහන මිලට පොල් ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව සහන මිලට කොළඹ හා තදාසන්...
ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය නිකුත් වෙයි
ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය නිකුත් වෙයි පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනයට ...
සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම් - ඇමැති විමල්
සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම් - ඇමැති විමල් දේශීය නිර්මාණකරුවන් ලවා ඉදිරියේදී සිවුරු නිපදවීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම කඩිනමින් කල යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මෙරට වැඩ වාසය කරන ස්...
මෙරට හදුන්කුරු විදෙස් වෙළෙඳ පොළටත්
මෙරට හදුන්කුරු විදෙස් වෙළෙඳ පොළටත් මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16) ආරම්භ කළේය. ...

Print   Email