සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්

මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි.

එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින් පාරිභෝගිකයින්ට උත්කර්ෂවත් අන්දමින් එය සැමරීමට අවස්ථාව උදාකර දෙයි.

 පවුලේ උදවිය, මිතුරන් සහ ආදරණීයයන් සමඟ එකට එක්ව සතුටින් කාලය ගත කිරීමට ශ්‍රී ලාංකිකයින් මෙම අවුරුදු සමය පැමිණෙන තෙක් බලා සිටී. එම කාලය තවත් විචිත්‍රවත් කිරීමට පැල්වත්ත සමාගම සිය ගිතෙල් සහ බටර් නිෂ්පාදන වලින් 10% ක වට්ටමක් තෝරාගත් සුපිරි වෙළඳ පොල සහ සිල්ලර වෙළද සැල් හරහා ලබා දෙයි. පැල්වත්ත සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී දැඩි තත්ත්ව ප්‍රමිතීන් අනුගමනය කරන අතර කල් තබා ගැනීම සඳහා කෘතීම කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය එකතු නොකරයි. එබැවින් පැල්වත්ත නිෂ්පාදන බාල මහළු කොයි කාටත් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් ලෙස සැලකිය හැකිය.

 

මෙම අවුරුදු දීමනාව පිළිබඳව අදහස් දක්වන සුපිරි වෙළද සැල් භාර නව්‍ය වෙළඳ කළමනාකාර චමින්ද පතිරණ මහතා මෙසේ පැවසීය. “මෙම අවරුදු සමය තුළ වැඩිම ඉල්ලුමක් පවතින අපගේ නිෂ්පාදන සඳහා සුවිශේෂී වට්ටම් ලබා දීමට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයක්. අපගේ නිෂ්පාදන වල අසමසම ගුණාත්මකභාවය සහ මිල අපගේ පාරිභෝගිකයින්ට විශාල සහනයක් සේම කිරි ගොවි ප්‍රජාව වෙත පැල්වත්ත සමාගමේ ඇති සහයෝගය ද එමගින් පුළුල් කෙරෙනවා. එම නිසා මෙම ක්‍රියාවලිය මගින් අපගේ පාරිභෝගිකයන්ට මෙන්ම කිරි ගොවි ප්‍රජාව වෙත විශාල මෙහෙවරක් සිදුවන බවට අප විශ්වාස කරනවා.”

 

දේශීයව ලබාගත් කිරි මේදය භාවිතා කරමින්, ඉහළ පෝෂ්‍ය පදාර්ථ හා සෞඛ්‍ය සම්පන්න පැල්වත්ත බටර්, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර නැවුම් කිරි මේදයෙන් නිපදවීම ඇතුළු බොහෝ හේතුන් මත එම බටර් ස්වභාවික බටර් ලෙසින් සැලකේ . බටර්වල නැවුම් කිරි මේදය 4-5% ක් පමණ අඩංගු වන අතර බටර් නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී මේද ප්‍රතිශතය වර්ධනය වේ. එහිදී පැල්වත්ත මේද ප්‍රතිශතය පාලනය කිරීම සඳහා ස්ථාවර සැකසුම් ක්‍රියාවලියක් භාවිතා කරන අතර එමගින් ස්වභාවික මේද ප්‍රතිශතය නියමිත ප්‍රමිතීන්ට අනුව පාලනය කිරීම නිසා එම බටර් ස්වභාවික බටර් ලෙස සැලකීමට එයද හේතු වේ.

 

පැල්වත්ත සමාගමේ නිෂ්පාදන, බොහෝ ප්‍රමුඛ පෙළේ තරු හෝටල්වල මුළුතැන්ගෙයි ආහාර සැකසීම් සඳහා භාවිතා කරයි. ආගන්තුක සත්කාර කර්මාන්තයට සපයනු ලබන නිෂ්පාදන පරාසයන් අතර, පැල්වත්ත ගිතෙල් තායිලන්ත, ඉන්දියානු, ඉන්දුනීසියානු, මැද පෙරදිග සහ මැලේසියානු ආහාර සකස් කිරීම සඳහා යොදා ගනී.

Pin It

සබැඳි පුවත්

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි!
AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි! AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත "ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්" වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත්...
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමන...
පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී
පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් අඛණ්ඩව 19 වන වරටත් පවත්වන ලද Achiever Awards 2020 ස...
නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA
නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. ...
AIA ඉන්ෂුවරන්ස් විසින් cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි
AIA ඉන්ෂුවරන්ස් විසින් cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි ඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්‍රයත්නයේ දී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්...
ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි
ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම ZenB...

Print   Email