කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න පවසයි

තමාට අවශ්‍ය වන්නේ සියළු කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කිරීමට හා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 11 වනදා දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම සේවය කරනු ලබන විද්‍යා හා තාක්ෂණ (විදාතා) නිලධාරීන්ගේ හමුවක් බත්තරමුල්ල, සුහුරුපායේදී පැවැති අවස්ථාවේදීය.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය. “පසුගිය දිනවල ක්ෂේත්‍රයේ මා කළ සංචාර හා සාකච්ඡාවලින් මට තේරුම් ගිය කරුණු කාරණා කීපයක් කියන්න පුළුවන්. ගමේ සිටින සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන කර්මාන්තකරුවන් තම නිෂ්පාදනයන්ට අමුද්‍රව්‍ය නැතිව , නවීන තාක්ෂණය නැතිව සහ වෙළඳපලක් නැතිව විශාල ගැටළුවකට මුහුණදී සිටින බව මට පැහැදිලි වුණා. ඔබත් ඒ බව පිළින්නවා ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මට අවශ්‍ය වන්නේ ඔබගේ දැනුම, අත්දැකීම් සම්භාරය, සහයෝගය, කැපවීම පමණක් නොව ඔබගේ අදහස් හා යෝජනාත් මා හට අතිශයින්ම වැදගත් වෙනවා. මොකද මට අවශ්‍ය වන්නේ සියළු කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කිරීමටයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි.

වියට්නාමය මැටි කර්මාන්තයෙන් මැටි ගම්මාන හරහා ජාත්‍යන්තර වෙළඳපල ජයගනිමින් රටට විදේශ විනිමය ගෙනත් දෙනවා, චීනය උණ බට වලින් විශාල නිෂ්පාදනයන් හා කර්මාන්තයන් ජය ගෙන තිබෙනවා. දැනට අපේ රටට අවශ්‍ය වේවැල්වලින් වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් වලින්. වේවැල් පදම් කිරීමට නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයක් යොදා නොගැනීම නිසාත්, ඒ සදහා දැනුමක් නොමැතිකම නිසාත් අපේ නිෂ්පාදනවල අගය අඩු වී තිබෙනවා. නවීන තාක්ෂණය යොදා ගනිමින් හොද වේවැලක් කර්මාන්තකරුවන්ට ලබා දීමට ඔබගේ සහයෝගය සහ ඔබගේ යෝජනා මට අවශ්‍යයි.

එසේම බුද්ධිමත් ඔබට පුළුවන් තනිව හෝ කණ්ඩායම් වශයෙන් නව යෝජනා සෘජුවම මා වෙත ඉදිරිපත් කරන්න. ඔබ සමඟ සාකච්ඡා කොට එම යෝජනා රටට දායාද කිරීමට මම පසුබට වන්නේ නැහැ. ඒවගේම අවසාන වශයෙන් ඔබගේ රාජකාරි ගැටළු, උසස්වීම් පිළිබඳව ඔබ සමඟත් නිලධාරින් සමඟත් සාකච්ඡා කර, එවා හදුනා ගනිමින් ඒ පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙලවල් සකස් කිරීමට මා බලාපොරොත්තු වෙනවා”. යැයි රාජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාර මහතා, විදාතා ආයතනයේ සහකාර ලේකම් සමන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් දෙසීයකට වඩා වැඩි පිරිසක් සහභාගී විය.

Pin It

සබැඳි පුවත්

සහන මිලට පොල් බෙදා දීම ඇරඹෙයි
සහන මිලට පොල් බෙදා දීම ඇරඹෙයි දේශිය වෙලෙඳපොල තුල පොල් මිල ඉහළ යාම හේතුවෙන් පොල් සංවර්ධන මණ්ඩලය විසින් අද (22) දින සිට සහන මිලට පොල් ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව සහන මිලට කොළඹ හා තදාසන්...
ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය නිකුත් වෙයි
ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය නිකුත් වෙයි පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනයට ...
සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම් - ඇමැති විමල්
සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම් - ඇමැති විමල් දේශීය නිර්මාණකරුවන් ලවා ඉදිරියේදී සිවුරු නිපදවීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම කඩිනමින් කල යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මෙරට වැඩ වාසය කරන ස්...
මෙරට හදුන්කුරු විදෙස් වෙළෙඳ පොළටත්
මෙරට හදුන්කුරු විදෙස් වෙළෙඳ පොළටත් මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16) ආරම්භ කළේය. ...
ASUS නවතම ZenBook 13 සහ ZenBook 14 දැන් ශ්‍රී ලංකාවේ වෙලෙඳ පොලේ
ASUS නවතම ZenBook 13 සහ ZenBook 14 දැන් ශ්‍රී ලංකාවේ වෙලෙඳ පොලේ ASUS වෙතින් ZenBook Classic මාදිලියේ අතට ඉතාමත් පහසු අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ නවතම ZenBook 13 (UX325) සහ ZenBook 14 (UX425) ලැප්ටොප් පරිගණක දෙකක් ශ්‍රී ලංකාවට ...
තේ කර්මාන්තය නගා සිටුවන්න - ජනපති පවසයි
තේ කර්මාන්තය නගා සිටුවන්න - ජනපති පවසයි බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කර්මාන්තයේ බිද වැටීමට හේතු වූ සා...

Print   Email