fbpx

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආචාර්ය උපාධි (DBA) 2021/24 කණ්ඩායමේ හමුව සාර්ථකව නිමවෙයි

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ 2021/24 ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි (DBA) කණ්ඩායමේ හමුව පසුගියදා කොළඹ Jetwing හි Verticle උත්සව ශාලාවේ දී පැවැත්විණි. ආකර්ෂණීය අයුරින් සංවිධානය කර තිබූණි.

එම උත්සව අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.පී.පී.ධර්මදාස, පශ්චාත් උපාධි හා මධ්‍ය වෘත්තීය සංවර්ධන ඒකකයේ සම්බන්ධීකාරක මහාචාර්ය බී. නිශාන්ත, ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි සම්බන්ධීකාරක මහාචාර්ය තරුෂා ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සහ ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි පාඨමාලාවේ පළමු සහ දෙවන අධ්‍යයන වාර කථිකාචාර්ය වරුන් සහ 2021/24 සිසුන් කණ්ඩායමේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

කොළඹ විශ්වවිද්‍යාලය යනු දශක ගණනාවක් පුරා ලාංකේය අධ්‍යාපන කේෂේත්‍රයේ පුරෝගාමී සේවාවක නිරත ආයතනයකි. ජාත්‍යන්තර තලයේ ශ්‍රේණිගත කිරීම් හිමිකර ගැනීමට ද සමත් වූ මෙය පුමුඛ පීඨ නවයකින්, ආයතන හතකිරන්, මෙන්ම මධ්‍යස්ථාන කීපයකින් සහ ඒකක සහ අධ්‍යාපන ආයතනය කීපයකින්ද සමන්විතව අග නගරය ආශ්‍රත විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

1994 වසරේ මැයි මාසයේ දී ආරම්භ කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාල කළමනාකරණ සහ මූල්‍ය පීඨය, දේශීය මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපනය ඉහළ නැංවීම උදෙසා පර්යේෂණ, ඉගැන්වීම්, උපදේශන සහ ප්‍රජා සේවාවන්ගේ විශිෂ්ඨ ආකාරයේ කාර්යභාරයක නිරත වන ආයතනයකි. විශේෂයෙන් විනයගත අධ්‍යාපනයකට නැඹුරු කරමින්, ව්‍යාපාරික ප්‍රායෝගිකත්වය සහ කුසලතා සංවර්ධනය වැනි පුළුල් වූ ක්ෂේත්‍ර පරාසයක පැතිරුණු උපාධි, පශ්චාත් උපාධි සහ විධායක ශ්‍රේණිය ඉලක්ක කර ගනිමින් පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරන මෙම ඒකකය මඟින්, MPhil/PhD, DBA, සිට Master of Business Administration (MBA) ද සමඟින් විවිධ අංශයන් යටත් විශේෂිත MBAs, Executive MBA, postgraduate diplomas, undergraduate degrees, executive diplomas සහ diploma පාඨමාලාවක් දියත් කරනු ලබයි.

කළමනාකරණ න්‍යාය, පරිචය සහ පර්යේෂණ ආදී අධ්‍යයන අංශයන්ගෙන් යුතුව කළමනාකරණ සහ මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන මෙම DBA පාඨමාලාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ජ්‍යෙෂඨ කළමනාකාරවරුන් හට ඔවුන්ගේ ක්ෂේත්‍රවල වෘත්තිකයින්-පර්යේෂකයන් වීමේ අපේක්ෂාවන් සැබෑ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්නකි.

වසර තුනක, අධ්‍යයන වාර හයකින් සමන්විත මෙම පාඨමාලාව තුළින් කළමනාකරණය සහ පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධ අවකාශයන් රැසක් ආවරණය කරන අයුරින් මෙම වැඩසටහන සැළසුම් කර ඇති අතර, පර්යේෂණ නිපුණතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් වැඩමුළු සහ සම්මන්ත්‍රණ මාලාවක් ද ක්‍රියාත්මක වේ. තවද අනුමත මාතෘකා ඔස්සේ සම්පූර්ණ කරනු ලැබූ ප්‍රායෝගිකත්වයට නැඹුරු ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලබා දී ඇත.

ක්ෂේත්‍රයේ පුහුණුව ලත් ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන අතර, සිසුන්ගේ නිබන්ධන සඳහා ලොව ප්‍රමුඛපෙළේ විශේෂඥයන් සහ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකගේ මග පෙන්වීම සිදුකරයි. මෙයට අමතරව සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, සමාලෝචනය මෙන්ම සිසුන්ගේ පර්යේෂණ සඳහා පහසුකම් සැළසීම ද මෙම පාඨමාලාව හා සබැඳි කාර්යයන් වේ.

මෙම DBA පාඨමාලාවේ නව බඳවාගැනීම සඳහා වන අයදුම්පත් බාරගැනීම මේ වන විට සිදුවන අතර, ඒ සම්බන්ධ වැඩි විස්තර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය අධ්‍යාංශයේ වෙබි අඩවියෙන් (mgmt.cmb.ac.lk/course/dba) ලබා ගත හැකිය.

 

පිටපත - PR

 

 

Pin It

සබැඳි පුවත්

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ කාගිල්ස් බැංකුව විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තබයි
අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ කාගිල්ස් බැංකුව විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තබයි ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ (Allianz SE) සාමාජිකයෙකු වන අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz Life Insurnace Lanka Limited) මෑතකදී කාගිල්ස්...
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව - 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව - 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව - 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව වාර්තාව මගින්, 2022 ජනවාරි මස සිට 2022 ජූනි මස දක්වා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ සිදුකරන...
DFCC ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කළ පිරිසට සහතිකපත් ප්‍රදානය කෙරේ
DFCC ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කළ පිරිසට සහතිකපත් ප්‍රදානය කෙරේ ‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස හැඳින්වෙන DFCC බැංකුව ක්‍රියාත්මක කරන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනේ 4 වන අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. අනුරාධපුර, බදුල්ල සහ ...
DFCC බැංකුව විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවයි
DFCC බැංකුව විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවයි රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම...
වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් හෝ ඊට එහා ගිය ආදායමක් සකස් කරන වැඩපිළිවෙලක් - ව්‍යාපාරික රනිල් විල්ලද්දරග...
වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් හෝ ඊට එහා ගිය ආදායමක් සකස් කරන වැඩපිළිවෙලක් - ව්‍යාපාරික රනිල් විල්ලද්දරග... ව්‍යාපාර අයිතිය සියයට 51 ක් මහජනතාව වෙත පවරමින් වර්තමානයේ රටේ ආර්ථික අර්බුදය ජය ගැනීම සදහා ඩොලර් බිලියන 5 ක වාර්ෂික ආදායමක් හෝ ඊට එහා ගිය විදේශ විනිමය ඉපැයීම සද...
ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි
ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි ශ්‍රී ලංකාව තුළ පූර්ණ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලා පිරිනමන රටේ කීර්තිමත්ම උසස් අධ්‍යාපන ආයතනයක් වන Edith Cowan University (ECU) – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධන...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook