බොරුව හෙළිකළොත් අතුලටත් සුදුවෑන් එකේ යන්න වෙයි කියලා රාජිත කියලා...

සුදු වෑන් කිඹුලන් ලෙස මේ වනවිට රට ම දන්නා උණ්ඩියල් අතුල හා ඩග්ලස් විසින් කළ පාපෝච්චාරණ අතීශය ජුගුප්සාජනක හා බියනරු බවත්, ඒ මගින් වත්මන් දේශපාලකයින් කිහිපදෙනෙක් විසින් මෙතෙක් සුදු පිරුවටයේ දවටා රට ට පෙන් වූ විජ්ජා හෙළිකරගැනීමට හැකිව ඇති බවත් ආරක්ෂක අංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබෙයි.

"ජනපතිවරණය ට දෙ සතියක ට පෙර රාජිත සේනාරත්න (එවකට ඇමැතිවරයා) ගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ වඩිගපටුන නැටුමකට මෙන් බොරු රැවුල් දමාගත් පුද්ගලයන් දෙදෙනෙක් සමගිනි.. ඇමැතිවරයා මැදි කරගෙන වාඩි වූ ඔවුන් දෙදෙනා හෙළි කළ කතා ඇසූ සමහරු ඇඟේ මයිල් කෙළින් කර ගත්හ. තවත් සමහරු සිනාසුනහ.ඒ ඔවුන්ගේ බිහිසුණු හෙළිදරව්ව විනෝදජනක චිත්‍රපටයකට හොඳ තිරපටයක් වූ බැවිනි." මේ කෙටි උපුටනය මාධ්‍යවේදී සගයෙක් විසින් තබන ලද්දකි. මේ සඳහනින් ම මෙම මාධ්‍ය හමුවේ වූ උගතෝකෝටිකයන් රැසක ට පිළීතුරු ඇතැයි සිතිය හැකි ය.

කෙසේ වෙතත් මේ වන විට එම මාධ්‍ය හමුවේ වගතුග ඔස්සේ යමින් පරීක්ෂණ සිදුකළ ආරක්ෂක අංශ විසින් "සුදු වෑන්" සම්බන්ධ කරුණූ රැසක් සමග අපරාධ කිහිපයක් ද අනාවරණය කරගෙන ඇත්තේ, උණ්ඩියල් අතුල හෙවත් අතුල සංජීව මදනායක හා ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු හෙවත් සරත් කුමාර යන දෙදෙනාව ඉකුත් සතියේ කඩවත මහර පාරේ අවන්හලකදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ ය. අනතුරුව ඔවුන් පොලිසියට පවසා ඇත්තේ, රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ බොරු කතා කියන්නට තමන්ට සල්ලි දුන් නිසා තමන් ඒ කතා කී බවය.

උණ්ඩියල් අතුල 2014 සිට පසුගිය මාර්තු මාසය දක්වා සිටියේ සිරගතව සිටි අයෙකි. හිරෙන් නිදහස්ව පැමිණි උණ්ඩියල් අතුල ඔහුගේ හොඳම මිතුරා සරත් මාර්ගයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන පොල්ගම්පොළ නමැත්තකු හමුවීමට ගොස් තිබේ. ඇමැති රාජිත සේනාරත්න හමුවීමට අතුල ගොස් ඇත්තේ නොවැම්බර් 04 දා ය. ඔවුන් එහි රැගෙන ගිය බව පවසන්නේ එම මන්ත්‍රීවරයා ය. කිඹුල් නාටකයේ පිටපත සැකසෙන්නේ එතැන් සිට ය.

අනතුරුව, සුදු වෑන් භීතිකාව පිළිබඳව මාධ්‍ය සාකච්ඡාව ඇමැති රාජිත සේනාරත්න සමඟ මොවුන් දෙදෙනා බොරු රැවුල් යොදා ගෙන පවත්වන්නේ ඉකුත් නොවැම්බර් 10වන දා ය. මොවුන් ට මේකප් රැවුල් දමන්නේ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පාළු නිවසකදී ය. මේ සියලු කරුණු සමඟ සරත් කුමාර නොහොත් ඩග්ලස් රහස් පොලිසියට පාපොච්චාරණය කර තිබුණේ තමන් උණ්ඩියල් අතුල ද සමඟින් රාජිත ඇමැතිවරයා හමුවූ බව ය.

"...අපි කලින් හමුවූ මොහොතේ රාජිත ​ඇමැතිතුමා අපිට කියන්න අවශ්‍ය තොරතුරු දෙනවා මේක කරන්න පුළුවන්ද කියා ඇහුවා. මෙතැනදි ගාන කතා කළෙත් ඇමැතිතුමයි. අපි දෙන්නා රුපියල් ලක්ෂ තිහක් ඉල්ලුවා. අපිට මුදල් ගෙවීම භාරවුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූමි මොහමඩ්ට. අපේ ගාන අඩු කරන්න බැරිද කියල රූමි අපෙන් ඇහුවා. මේක මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. අපි ඔයගොල්ලන්ට උදව් කරනවා. ඉන්න ගෙවල් දෙකක් දෙනවා. ඇමරිකාවේ තානාපති කාර්යාලයේ කම්කරු රැකියා දෙකක් ලබාදී පවුල් පිටින් රට යවනවා’’ කියා ඇමැති රාජිත අපිට පොරොන්දු වුණා. අන්තිමේදී රුපියල් ලක්ෂ විස්සට අපි මේකට කැමැති වුණා.’’

අපිට කොළයක මුද්‍රණය කරලා සුදුවෑන් නාටකය ගැන කියන්න කියලා අතට දුන්නා. ඒවා කට පාඩම් කරන අතරේ රූමි මහත්තයා කතා කරලා අපිට නොවැම්බර් 09 දා වාහනයක් එව්වා. ඊට පස්සේ තමයි බොරු රැවුල් කණ්ණාඩි දාගෙන සූදානම් වුණේ. එදාම අපි දෙන්නට රුපියල් ලක්ෂ විස්සක් ගෙනත් දුන්නා." මේ ආකාරය ට ඔවුන් පාපෝච්චාරණය කර ඇතැයි දැනගන්න ට තිබේ.

අපිට ලක්ෂ විස්ස දීලා මේක කෙරෙව්වා. ඊට පස්සේ සුදු වෑන් සිද්ධිය ගැන අපි කරපු බොරුව හෙළි කළොත් අපිවත් සුදු වෑන් එකේ යවන්න වෙන බව ඇමැති රාජිත සේනාරත්න පැවසූ වග සරත් අතුල පොලිසියට පවසා තිබේ. උණ්ඩියල් අතුල රටේම නමගිය අපරාධ රැසකට සම්බන්ධ බව මේ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

කෙසේ වෙතත්, ආරක්ෂක අංශ මෙන් පෙනී සිටිමින් රටේ අපරාධ රැසක් කළ සුදු වෑන් කල්ලියේ වතගොත හෙළිකරගැනීමට හැකිවන්නේ ඇමැති රාජිත සේනාරත්න ගේ මහා හෙළිදරව්ව හෙවත් සුදු වෑන් කිඹුල් නාඩගම නිසා ය.

* සටහන : ජනිත් විපුලගුණ

Pin It

සබැඳි පුවත්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්‍රදේශයකි. බස්නාහිර පළා...
නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්
නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද...
කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි
කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි පවතින ව්‍යසන තත්වය හමුවේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජිවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දීමේ පළමු අදියර ලෙස පවුල් ...
රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි
රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් කොළඹ මහ නගර සභාව වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල 500 ප්‍රදානය කර තිබේ. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මධ්‍යම පාලක සභික කොළඹ දිස්ත්‍රික්...
සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්
සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක් කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ අරම...
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි. ඒ දකුණු පළ...

Print   Email