fbpx

විනාශ මුඛයට යන අරිසිමලේ ආරන්‍ය සේනා රැක දෙන්න

නැගෙනහිර බෞද්ධ ප්‍රබෝධයේ විශේෂිතම ස්ථානය ලෙස සැලකෙන්නේ පුල්මුඩේ අරසිමලය ආරාන්‍ය සේනාසනයයි.

ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසයට ඉතා කිට්ටු නෑකම් තිබෙන ප්‍රදේශයක් වන පුල්මුඩේ ප්‍රදේශය තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් මෙරටට ගොඩ බෑ ස්ථානය ලෙසද හැදින්වෙනවා.

පුල්මුඩේ වෙරල තීරයෙන් ලක් දිවට ගොඩ වූ මෙම වෙළඳ දෙබෑයන් මෙම ස්ථානයේ සිට ත්‍රීකුණාමලය තිරියාය දක්වා ගමන් කොට එහි බුදුරදුන් ලබා දුන් කේශ ධාතු නිදන් කොට පළමු චෙත්‍යය ගොඩ නැගු බව ඉතිහාසයේ තොරතුරු වලට අනුව තහවුරු වෙනවා.

අතීතයේ රුහුණු රටට අයිතිව තිබූ මෙම ප්‍රදේශයේ බෞද්ධ උරුමයේ අපූරු සන්දිස්ථානයක් බව එම ප්‍රදේශයේ පවත්නා පෞරාණික වස්තුන්ගෙන් තහවුරු වන අතර එය පුරාවිද්‍යා නිලධාරින් කළ පරික්ෂණ වලදීද තහවුරු වී තිබේ.

මෙවන් උදාරතර භූමියක් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දීමට මෙම අරිසිමලය සේනාසුන කේන්ද්‍ර කරගත් සේනසුන් වල වැඩ වාසය කරන මහා සඝ රුවන සිදු කරන්නා වූ මෙහෙය සුළු පටු නොවේ.

අරසිමලේ ආරාන්‍ සේනාසනය ප්‍රධාන කොට ගත් ආරාන්‍ය සේනාසන සංචිතය සේනාසන 32 කින් සමන්විත වනවා. මෙහි වැඩ වාසය කරන ශිල්වත් භාවනායෝගී භික්ෂූන් වහන්සේ 40 නම සිදු කරන්නේ මිල කළ නොහැකි ශාසනාක සේවාවකි.

පින්ඩ පාතයෙන් සෑහීමට පවා ධානමානාදිය උන් වහන්සේට නොලැබෙන්නේ මෙම ප්‍රදේශයේ බෞද්ධයින්ගෙන් තොර කලාපයක් වීම නිසා බව බොහෝ දෙනා දන්නා කරුණකි.

අරිසිමලේ ආරාන්‍ය සේනාසනාධිපති හිටියත් මෙම ආරාන්‍ය සේනාසන 32 ක ආරක්ෂා කර ගැනීමට හා ඒවායෙහි අයිතිය සුරක්ෂිත කිරීමට ගත් උත්සහයට අතීතවාදී බල වේග එල්ල කළේ සුළු පටු විරෝධතාවන් නොවේ.

කෙසේ වුවද මෙම තර්ජන ගර්ජන හමුවේ නොසැලී සිටිමින් තම අරමුණ කරාම ගමන් ගත් අරිසිමලය ආරාන්‍ය සේනාධිපති උතුරු නැගෙනහිර හා තමන් නඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පනාමුරේ තිලකවංශාභිධාන නායක ස්වාමින් වහන්සේ ගෙන යන කාර්යය භාරය මෙතැනැයි කියා නිම කළ නොහැකි ශාසනික සේවාවකි.

ගත සිත පිනවා අරිසිමලේ වන සේන සුන නිසල පුදබිමකි. අරිසිමලේ වෙරල තීරයට මුහුණලා පිහිටි මෙම සුන්දර බිම මෙන්ම ඊට අනුබද්ධ පුදබිම් සියල්ලම ගත සිත නිවාලන පින් නැමැති පිරිස් වලට පින් රැස් කර ගැනීමට මෙන්ම බවුන් වඩන භික්ෂුන්ට සසර මග කෙටි කර ගැනීමට ඇති හොදම ස්ථානයයි.

කොරෝනා ව්‍යවසනය මෙන්ම වර්ථමානයේ රටතුල හටගෙන ඇති ආර්ථික අර්බුධය හමුවේ මෙම ආරාන්‍ය සේනාසන වල පැවැත්මටද එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයකි.

මෙම සේනාසන වල වැඩ වසන මහා සඝ රුවනට පුන්‍ය සැපයිම මෙන්ම එම ස්ථාන නඩත්තු කිරීමට ප්‍රමානවත ආදායම් නොතිබීම මෙහි වැඩ වාසන මහා සඝ රුවන මේ වන විට මුහුණ දී ඇති බරපතල ගැටළුවකි.එහෙයින් පින් කැමති හා බුදු සසුනේ චිරත්සිතිය අපේක්ෂා කරන බවට මෙම ස්ථාන හා එහි වැඩ වසන මහා සඝ රුවන ආරක්ෂා කර ගැනීමට සුදුසු කාලය මේ වන විට එලබී තිබේ.

 

 

මැදවච්චිය-ගයාන්

Pin It

සබැඳි පුවත්

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමෙන් ලේ දන් දීමේ වැඩසටහනක්
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමෙන් ලේ දන් දීමේ වැඩසටහනක් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමේ ජනතාව වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් අද දියත් කෙරුණා. ලේ දන් දීමේ වැඩසටහන මහරගම පිහිටි ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා මධ්‍යස්ථානය...
ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන් වෙනුවෙන් ලේ බිඳක්
ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන් වෙනුවෙන් ලේ බිඳක් ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන් වෙනුවෙන් වලල්ලාවිට යෞවනයන්ගෙන් රුධිර පරිත්‍යාග කිරීම පසුගිය 30 වනදා වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේද...
කොවිඩ් එන්තත්කරණයට පැමිණි අනුරාධපුර ජනතාවට බර්ටි පදනමින් යෝගට් දෙයි
කොවිඩ් එන්තත්කරණයට පැමිණි අනුරාධපුර ජනතාවට බර්ටි පදනමින් යෝගට් දෙයි කොවිඩ් -19 පාලනය වෙනුවෙන් සිදු කෙරෙන එන්නත්කරණ ජාතික වැඩසටන සදහා අද(31) අනුරාධපුර නගරයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ජනතාව වෙත යෝගට් ලබා දීම බර්ටි දිසානායද ...
තැලසීමියා රෝගයෙන් පෙලෙන තම පුතුට ශල්‍යකර්මයකට ආධාර පතයි
තැලසීමියා රෝගයෙන් පෙලෙන තම පුතුට ශල්‍යකර්මයකට ආධාර පතයි අනුරාධපුර තලාව පදිංචි තැලසිමියා රෝගයෙන් පෙලෙන වයස අවුරුදු 13 ක් පුතෙකුට ශල්‍යකර්මයකට අවශ්‍ය මුල්‍යමය සහාය පතයි. වයස අවුරුදු 13 ක් වන ඩී.එම් ශෂික උමයංග දිසානා...
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්‍රදේශයකි. බස්නාහිර පළා...
නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්
නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook