fbpx

කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි

සමාජ සත්කාර

පවතින ව්‍යසන තත්වය හමුවේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජිවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දීමේ පළමු අදියර ලෙස පවුල් 2500 ක් සඳහා වියළි සලාක ලබා දිම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ අධීක්ෂණයෙන් අද දින (23) සිදු කෙරුණි.

එහිදී ලුණු පොකුණ පවුල් 1000 ක් සඳහා සහ අලුත් මාවත පවුල් 1,500 ක් සඳහා වියළි සලාක ලබා දීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැකුවූ නගරාධිපතිනිය, " අද දින අලුත්මාවත සහ ලුණු පොකුණ ප්‍රදේශ වල පවුල් 2500 ක් සඳහා වියළි සලාක ලබා දීම සිදු කරනවා. අද දින සිට පවුල් 70,000 ක් සඳහා වියළි සලාක ලබා දීමට කටයුතු කරනවා. ඉදිරියේදී මෙම 70,000 ට අමතරව තව පවුල් 30,000 ක් සඳහා වියළි සලාක ලබා දීමට කටයුතු කරනවා. මාගේ බලාපොරොත්තුව පවුල් 100,000 ක් සඳහා වියළි සලාක ලබා දීමයි. මේ සඳහා නාගරික මන්ත්‍රීවරු 119 දෙනාම විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔවුන් ඉදිරි වසරවල් වලදී සිදු කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති වලට යොදවා තිබූ මුදල් ජනතාව වෙනුවෙන් වෙන් කරපු නිසා තමයි අද දින පවුල් 70.000 ක් සඳහා වියළි ආහාර මළු ලබා දීමට අපිට හැකියාව ලැබුණේ. මේ ව්‍යාපෘති පැත්තකින් දාලා අපි ජනතාව ජීවත් කරවමු කියන තැන ඔවුන් අද සිටිනවා. මේ පිළිබඳව මම ඉතාමත් සතුටට පත් වෙනවා. වියළි සලාක ජනතාව වෙත ලබා දීමේදී පොලිසියෙන් සහ හමුදාවෙන් විශාල සහයෝගයක් අපිට ලබා දුන්නා. ඒ පිළිබඳව හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාට මාගේ විශේෂ ස්තූතිය පුද කරනවා. මා කලින් සිදු කල ඉල්ලිමක් මත මේ වන විට කොළඹ නගර සභා සීමාව දැඩි පාලනයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ හේතුව නිසාම අපට රජයෙන් ලැබෙන සහයෝගයත් සමඟ හුදකලා කර ඇති ප්‍රදේශ හැකි ඉක්මනින් නැවත ජනතාවට විවෘත කිරීමට හැකි වේවි කියලා මම විශ්වාස කරනවා. අපි ගිය මාසයේ කොළඹ නගර සභා සිමාව තුළ පවුල් 13,000 ක් සඳහා මහජන ආධාර මුදල් ලබා දීමට කටයුතු කලා වගේම ලබන මාසයේදීත් එම මුදල ලබා දීමට කටයුතු කරනවා. මහජන ආධාර දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට සනීපාරක්ෂක ද්‍රව්‍ය කට්ටල 5,000 ක් බෙදා දිමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට online සේවාවන් හරහා වෛද්‍යවරුන් සමඟ සම්බන්ධවීමටත් නගර සභාව හරහා පහසුකම් සපයා දී තිබෙනවා. මධ්‍යම රජයෙන් ජනතාව වෙත රුපියල් 5000ක දීමනාව ලබා දීමට කටයුතු කලා.ඒ ලබා දුන් රුපියල් 5000 ක දීමනාවට අමතරව කොළඹ මහ නගර සභාව හරහා ජනතාවට ලබා දිය හැකි උපරිම සේවාවන් ලබා දීමට කටයුතු කරනවා. රජයෙන් කොරෝනා ආසාදිත පවුල් වලට පමණක් රුපියල් 10,000 ක වියළි ආහාර මල්ලක් ලබා දුන්නා.නමුත් හුදකලා කර ඇති ප්‍රදේශ වල විශාල ජනතාවක් ජීවත් වෙනවා. ඔවුන්ට එදා වේල හම්බ කරගනන්න බැරිව ඔවුන් අසරණ වු වෙලාවක තමයි අපි පවුල් 70,000 ත් 100,000 ක් අතර පිරිසකට වියලී සලාක ලබා දීමට කටයුතු කලේ. ජනතාවට අපේ සහය අවශ්‍යම අවස්ථාවේදී ඔවුන්ව අපි තනි නොකල යුතුයි. අපි සියලුම දෙනා සහයෝගයෙන් මේ අවස්ථාවේදී කටයුතු කලොත් මම විශ්වාස කරනවා අපිට මේ ව්‍යසන තත්වය ජයගන්න පුළුවන් කියලා.

මෙම අවස්ථාව සඳහා නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණී දිසානායක මහත්මිය සහභාගී විය.

සබැඳි පුවත්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්‍රදේශයකි. බස්නාහිර පළා...
නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්
නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද...
රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි
රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් කොළඹ මහ නගර සභාව වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල 500 ප්‍රදානය කර තිබේ. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මධ්‍යම පාලක සභික කොළඹ දිස්ත්‍රික්...
සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්
සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක් කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ අරම...
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි. ඒ දකුණු පළ...
හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ
හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේව...
Print