හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ

Pin It

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේවා ආවේක්ෂණ අංශයන් හි සහ බෝනොවන රෝග ඒකකයන් හි වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයීම සදහා වූ වැඩසටහනක් සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (13) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.

2016 වසරේ දී හදිසි අනතුරු පිළිබදව තොරතුරු රැස් කිරීමේ පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලදි. මෙමගින් හදිසි අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබද රියදුරන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රගතිය සොයා බැලීමේ වැඩසටහන් සහ කළමණාකරණ කටයුතු සොයා බැලීම සිදු කරනු ලබයි. ඒ අනුව අද දින පසුගිය වර්ෂයේ හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහන යටතේ හදිසි ප්‍රතිකාර සේවාවන් අදාලව වෛද්‍යවරු ඇගයීම සිදු කරන ලදි.

රජයේ රෝහල්වල වාර්ෂිකව මිලියන 1.2 ක් පමණ  හදිසි අනතුරු හේතුවෙන් නේවාසික ප්‍රතිකාර ලබා ගනී. එයින් 1/5   හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත වූවන් වේ. හදිසි අනතුරු හේතුවෙන් දිනකට 38 – 40 ක් වැනි ප්‍රමාණයක් මිය යන අතර, වාර්ෂිකව 12,000 -14,000 කට අධික පිරිසකගේ ජිවිත අහිමි වේ. මේ අතරින් 3000 ක් පමණ හදිසි අනතුරුවලින් මියයාමට හේතුවක් ලෙස මාර්ග තදබදය හේතුවන බව ද සොයාගෙන ඇත. ලෝකයේ දිනකට හදිසි අනතුරු හේතුවෙන් 14000 ක ජිවිත අහිමි වේ. අවම වශයෙන් සෑම මිනිත්තු 06 කට වරක් එක් ජිවිතයක් අහිමි වේ.

මෙවන් වැඩසටහනක් ආරම්භ කිරිම සදහා කටයුතු කිරිම පිළිබදව සිය ස්තූතිය පුද කරන බවත් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සිදු කිරිම සදහා සිය සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව ද  සෞඛ්‍ය ලේකම් තුමිය මෙහිදී පැවැසීය.  මේ පිළිබදව ප්‍රතිපත්ති සැකසීම, ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් වන බවත්, සංඛ්‍යාලේඛණ නිරීක්ෂණ කිරීමේ දී හදිසි අනතුරු පිළිබද බරපතල තත්ත්වය වටහා ගත හැකි වන බවත්, වෛද්‍යවරු විසින් සිදු කරන සේවාවට නැවතත් සිය ස්තූතිය පුද කරන බව ද සෞඛ්‍ය ලේකම්තුමිය මෙහිදී පැවැසීය.

මෙහිදී හදිසි අනතුරු සේවාවන් හි සහ බෝනොවන රෝග ඒකකවල සේවයේ නියුතු වෛද්‍යවරු අගයමින් සහතික හා සම්මාන ප්‍රදානය කිරීම සෞඛ්‍ය ලේකම් තුමිය අතින් මෙහිදී සිදු විය.මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් මහජන සෞඛ්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය, බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂ විද්‍යාකුමාරපේලි මහත්මිය, ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ඇතුලු දිස්ත්‍රික්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතුලු වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.   

Pin It

සබැඳි පුවත්

දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි. ඒ දකුණු පළ...
නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි !
නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි ! අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත 72 වැනි නිදහස් දිනයට සමගාමීව ක්‍රියාත්මක රුක් රෝප...
ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි
ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි ගංවතුරින් විපතට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් නව පාසල් වාරය සදහා අධ්‍යාපනික උපකරණ ලබා දීම අද(0...
බොරුව හෙළිකළොත් අතුලටත් සුදුවෑන් එකේ යන්න වෙයි කියලා රාජිත කියලා...
බොරුව හෙළිකළොත් අතුලටත් සුදුවෑන් එකේ යන්න වෙයි කියලා රාජිත කියලා... සුදු වෑන් කිඹුලන් ලෙස මේ වනවිට රට ම දන්නා උණ්ඩියල් අතුල හා ඩග්ලස් විසින් කළ පාපෝච්චාරණ අතීශය ජුගුප්සාජනක හා බියනරු බවත්, ඒ මගින් වත්මන් දේශපාලකයින් කිහිපදෙනෙක් ...
වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන "මුතු සිනා ප්‍රසංගය පසුගියදා කරලියට
වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන "මුතු සිනා ප්‍රසංගය පසුගියදා කරලියට ගාල්ල වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන "මුතු සිනා-2019" වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගියදා (15) වැයිහේන සිරි ගුණරුවන් විහාරස්ථානයේ දී අති උත්කර්ෂවත් පැවැති...
තුරුලිය අරුණ රුක් රෝපණ වැඩසටහන ලබන 16 වනදා කොත්මලේදී
තුරුලිය අරුණ රුක් රෝපණ වැඩසටහන ලබන 16 වනදා කොත්මලේදී ලංකා විදුලි බල මණ්ඩලීය මධ්‍යම පළාත් සුභ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන තුරුලිය අරුණ රුක් රෝපණ වැඩසටහන 2019 දෙසැම්බර් මස 16 වෙනි දින පෙරවරු 9.00 ට ඉහළ කොත්ම...

Print   Email