කඩුවෙල ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන්න ඇමති විමල්ගෙන් පියවර රැසක්

Pin It

මෙම අවදානම් මොහොතේ පැන නැගී ඇති ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා ඇතුළු කඩුවෙල ජනතාවගේ සියලු දුෂ්කරතා හැකිතාක් අවම කිරීම වෙනුවෙන් පියවර රැසක් ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ හිටපු සභාපති විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ.

ඒ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල නාගරික කොමසාරිස් සංජීව බන්දුකීර්ති හා නවගමුව, අතුරුගිරිය, තලංගම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කඩුවෙල මහ නගර සභා ශාලාවේදී පැවැති විශේෂ රැස්වීමකදී මීට අදාළ තීරණ ගෙන තිබේ.

ඒ අනුව එළඹෙන සඳුදා සිට එනම් හෙට (23) සිට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට 0763769035 හෝ 0710402905 යන දුරකථන අංක ඇමතීමෙන් සමුපකාර ප්‍රාදේශික අලෙවිසැල් මගින් තමන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැක. භාණ්ඩ භාර ගන්නා අවස්ථාවේදී මුදල් ගෙවීමේ පහසුකම ද ඒ සමඟ සලසා දී ඇත.

තවද මෙම තීරණ මගින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය සහිතව, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සැකසූ ජංගම අලෙවි රථ මගින් බේකරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය උදේ සහ සවස, එනම් දිනකට දෙවරක් තම නිවසේ සිටම මිලදී ගැනීමේ අවස්ථාව ද කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට හිමිවනු ඇත.

එසේම රට තුළ මතුව ඇති මෙම අවදානම් තත්වය හේතුවෙන් තම දෛනික ආදායම් මාර්ග අහිමිව ඇති කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු පවුල් වෙත වියළි ආහාර මල්ලක් ලබාදීමට ද කටයුතු යොදා ඇත. දැනටමත් ඊට අදාළ ලැයිස්තු ග්‍රාම නිලධාරීවරුන් විසින් සකස් කරමින් පවතී.

 

දිලිනි සමන්මලි

Pin It

සබැඳි පුවත්

ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි!
ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි! කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගම...
වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි
වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර...
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක් .....
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක් ..... කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන ...
විදුලි බිල්පතට සහන කාලයක්
විදුලි බිල්පතට සහන කාලයක් විදුලි බිල්පත් ගෙවීම සදහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වන දින දක්වා සහන කාලයක් ලබාදීමට පියවර ගන්නා බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරය...
කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග සොයන්නැයි ජනපති පර්යේෂකයන්ට කියයි
කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග සොයන්නැයි ජනපති පර්යේෂකයන්ට කියයි ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී....
රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක්
රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක් රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍...

Print   Email