භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය ප්‍රයෝජනයට ගන්න ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිවෙළක්

මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව පළමුව එකී ඛනිජ ද්‍රව්‍ය සංචිත පවත්නා ප්‍රදේශ, එම සංචිත ප්‍රමාණ හා ඒවා භාවිතා කරමින් කළ හැකි නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවත් එම කමිටුවේ නිර්දේශ අනුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

මේ වනවිට ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් හා මිනිරන් යන ඛනිජ, කැණීම, පිරිපහදු කිරීම හා අපනයනය කිරීම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්නා රාජ්‍ය සමාගම් වන ලංකා ඛනිජ වැලි සමාගම සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය විසින් සිදුකරනු ලබයි. මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කටයුතුවල නිරත වේ. එකී ඛනිජ ද්‍රව්‍ය හැරුණු කොට ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය උපයෝජනය සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් අන්දමින් සිදු නොවන බව පෙනී ගොස් ඇති බැවින් මෙවැනි වැඩපිළිවෙළක් යෙදීම පිණිස පියවර ගත් බවත් එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒම තම අරමුණ බවත් කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Pin It

සබැඳි පුවත්

හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිල්ලක්
හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිල්ලක් හුරුළුවැව රෝහලට නව ගොඩනැගිලි සංකීර්ණයක් ලබා දීමත් පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත...
ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න
ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසෙන අතර සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක ඇමති...
ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට
ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය 16 වනදා කටයුතු කලේය. එ...
50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද
50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද මෙගාවෝට් 50ට වඩා වැඩි මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති වියාපෘති මගිනුත් 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් ලැබෙන බව සූර්ය,සුලං සහ ජල...
නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය
නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතියේ යටතේ අනුරාධපුර, තඹුත්තේගම, මකුල්ලෑව ප්‍රදේශයේදී පානීය ජල ව්‍යාපෘතියට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ච...
යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි - ඇමැති මහින්ද
යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි - ඇමැති මහින්ද මින් ඉදිරියට අප රටේ ඩීසල් හා ගල් අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති අතර එය අමාත්‍ය ...

Print   Email