fbpx

ඇමැති නිමල්ගේ ආසනයට නව කම්කරු කාර්යාලයක් පිහිටුවයි

රුපියල් මිලියන 268 ක වියදමින් මහල් හතරකින් යුක්ත නව ඌව පළාත් කම්කරු කාර්යාලයේ ඉදි කිරීමේ කටයුතු මේ වනවිට සියයට හැත්තෑවක්(70%) පමණ අවසන් කොට ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා බදුල්ල කම්කරු කාර්යාලයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින්.

බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක වල පොදු කම්කරු ජනතාව,වතු කම්කරුවන්, පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ සේවකයන් (70,000) හැත්තෑ දහසකගේ කම්කරු ගැටලු විසඳීම සඳහා එම සේවා පහසුකම් පුළුල් කරමින් වඩා ඉඩ පහසු ඇති ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කලක පටන් තිබි ඇත.

මෙම අංගසම්පූර්ණ පොදු පහසුකම් සහ සේවා පහසුකම්වලින් සමන්විත සිව් මහල් ගොඩනැගිල්ල වර්ග අඩි දාහත් දහසක (17,000) පරිශ්‍ර වපසරියකින් යුක්තය.

මෙම ගොඩනැගිල්ලේ බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ,ඌව පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය,අම්පාර,මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය ස්ථාපිත කෙරේ.

සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳ කටයුතු,කම්කරු පැමිණිලි පිළිබඳ කටයුතු කිරීම,පාරිතෝෂික මුදල් ලබාදීමේ කටයුතු,කර්මාන්තශාලා පරීක්ෂණ කටයුතු වැනි වැඩකරන පන්තියේ ජනතාවගේ ගැටලු පිළිබඳ කම්කරු නීතිය ක්‍රියාත්මක කිරීම මෙම කම්කරු කාර්යාල සංකීර්ණය තුළින් සිදු කෙරෙන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට ලංගම සතු හෙක්ටයාර් 01.05 ඉඩම කම්කරු අමාත්‍යංශයට ලබාදීම පිළිබඳ සිය කෘතඥතාවය පළ කරන බව අමාත්‍යවරයා පැවසීය.

Pin It

සබැඳි පුවත්

කොළඹ කොටුව සිට මහනුවර දක්වා සති අන්තයේදී විශේෂ සංචාරක දුම්රියක් - ඇමැති බන්දුල
කොළඹ කොටුව සිට මහනුවර දක්වා සති අන්තයේදී විශේෂ සංචාරක දුම්රියක් - ඇමැති බන්දුල සෑම සති අන්තයකම කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් හෙට (01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගු...
කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවලත් බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමේ සූදානමක් - ඇමති ප්‍රසන්න
කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවලත් බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමේ සූදානමක් - ඇමති ප්‍රසන්න කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී ...
මාතලේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3 ක් තැන්පත් කිරීමට සැලසුම්
මාතලේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3 ක් තැන්පත් කිරීමට සැලසුම් මාතලේ දිස්ත්‍රික්කයේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3.5ක් මේ වන විට තැන්පත් කර ඇති බවත් ඉදිරියේදී තවත් මිලියන 3ක් තැන්පත් කිරීමට නියමිත බවත් ජලජීවි වගා සංවර්ධන ...
මාතලේ ලොකු ලුනු ගොවින්ට සහනයක් - මාතලේ දිස්ත්‍රික් ලේකම් ‌තේජානි
මාතලේ ලොකු ලුනු ගොවින්ට සහනයක් - මාතලේ දිස්ත්‍රික් ලේකම් ‌තේජානි අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ හානියට පත් ලොකු ළූණු වගාකරුවන්ගේ වගා හානි සම්බන්ධයෙන් අදාල ආයතන සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නා බව මාතලේ ...
මාතලේ හෝටල් පාසලේ පාඨමාලා රැසක්
මාතලේ හෝටල් පාසලේ පාඨමාලා රැසක් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) මගින් ක්‍රියාත්මක මාතලේ හෝටල් හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කෙරේ. 2022 වර්ෂයට අදාළව pastry...
උකුවෙල දියරි කිරි ප්‍රවර්ධනය වැඩසටහන් රැසක්
උකුවෙල දියරි කිරි ප්‍රවර්ධනය වැඩසටහන් රැසක් පවත්නා ආර්ථික හා සමාජයීය තත්ත්වය අභිමුව, ආනයනික කිරිපිටි භාවිතයෙන් තොරව නීරෝගිමත් දිවි පැවැත්මක් පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර දෙමින් නැවුම් කිරි භාවිතයට ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook