ප්‍රධාන ඉංජිනේරු පීඨ 06 සඳහා මේ වසරේ සිසුන් 405ක් වැඩිපුර ඇතුළත් කරගැනේ

මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06 සඳහා සිසුන් 405ක් වැඩි කර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ලංකාවේ දැනට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සහිත විශ්වවිද්‍යාල වන පේරාදෙණිය, ජයවර්ධනපුර, යාපනය, රුහුණ, මොරටුව සහ අග්නිදිග විශ්වවිද්‍යාල සඳහා මෙම සිසුන් 405 ඇතුළත් කර ගැනීමට නියමිත ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මා හෝ අප රජය විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු සඳහා මැදිහත් වීමට බලාපොරොත්තුවක් නැහැ. අපට අවශ්‍ය අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කොට තිබෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කටයුතු කරන්නට. එහි ඉලක්කයන් සපුරා ගන්නට. විශේෂයෙන් ම දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැලපීමට පිළියම් සෙවීමට. ඒ සඳහා වෘත්තීය අභිමුඛ පාඨමාලාවක් වන ඉංජිනේරු පාඨමාලාව සඳහා මේ වසරේ නවක සිසුන් 405ක් ඇතුළත් කරගැනීම අප තබන ඉදිරි පියවරක්” යනුවෙන් පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එහි ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර සහ අදාළ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සහ පීඨාධිපතිවරු ද සහභාගී වූහ.

 

Pin It

සබැඳි පුවත්

2021 වසරේදී බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයක් සිදු වනවා - ඇමැති ඩලස්
2021 වසරේදී බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයක් සිදු වනවා - ඇමැති ඩලස් 2021 එළඹෙන වසර මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම පරිවර්තනයක් සිදුවන වසරක් මෙන්ම, මෙවැනි කර්තව්‍යයන් තුළින් ඒ වෙනස මේ රටේ ජනතාවගේ සෞභාග්‍යමත් වෙනසත් බවට පත්කරන ...
දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න -රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න
දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න -රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්තකරුවාද ශක්තිමත් කල යුතු බව වේවැල්, පිත්තල, මැටි, ල...
1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි
1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමටත්, සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණු කොටගෙන 1929 ශ්‍රි ලංක...
හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ
හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ සබරගමුව පළාතේ ඇහැළියගොඩ ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ද මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඒ අනුව හේවායින්න නාගහවත්ත මාර්ගයේ සහ බෙලිගස්හංදිය - පලීගල මාර්ගයේ සංවර්ධන...
මාර්ග 160 ක් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ
මාර්ග 160 ක් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ ආසන 160 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති 160 ක් සහ මග දෙපස පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන අද (22) දින ආරම්භ කෙරිණ. එහි සමාරම්භය සනිටුහන් කරමින් දක්ෂිණ අධිවේගී මා...
හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. “සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍...

Print   Email