රටට ඩොලර් ගෙනෙන්න අපනයන නිෂ්පාදන කර්මාන්තපුරයක් -ඇමැති විමල්

සංචාරකයන් ඉලක්ක කරගත් තායිලන්තයේ බැංකොක් පන්නයේ සංචාරක වෙළදපොළක් සමඟ දේශීය අපනයන නිෂ්පාදන තොග වෙළදාම ද සහිත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සමීප කටාන ප්‍රදේශයේ ඉදි කෙරෙන 'අපනයන නිෂ්පාදන කර්මාන්තපුරය' මගින් රටට කඩිනමින් විදේශ විනිමය ගෙන ඒම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා සංචාරක අමාත්‍යාංශයේ දී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

එහිදි 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ජනාධිපතිවරයාගේ සහ තමන් අතර පැවති සාකච්ඡාවක දී යෝජනා වූ 'අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන කර්මාන්තපුරය' පිහිටුවීමට වඩාත්ම සුදුසු ස්ථානය ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ අක්කර 200ක භූමිභාගය හදුනාගෙන ඇති බව ද කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ප්‍රදේශයට වැඩි වටිනාකමක් එකතු වන, දේශීය ආර්ථිකයට ශක්තියක් වන මෙවැනි ව්‍යාපෘතියක ජාතික වශයෙන් ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඊට එකඟ වන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මෙම අවස්ථාවට එක්ව සිටි මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඇතැම් ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සාකච්ඡාව ආරම්භයේ දී මෙම විශේෂ කර්මාන්තපුරයට සිය විරෝධය පළ කළ අතර කර්මාන්ත අමාත්‍යවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තමන් යෝජනා කර ඇති කටාන නගර සැලැස්ම සමඟ මෙම විශේෂ කර්මාන්තපුරය ඉදිකිරීමට විරුද්ධ නොවන බව ඔවුහු කියා සිටියහ.

මෙම අවස්ථාවේ ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මැති ඇමතිවරුන් ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, කර්මාන්ත සංවර්ධන අධ්‍යක්ෂ වින්දික පියරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි
තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි දැයක් නගන - සියක් නගර” ව්‍යාපෘතිය යටතේ තිරප්පනය අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම හා තිරප්පනය “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය ඉ...
නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ
නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ, හලාවත නගරයන්හි පවතින රථවාහන තදබදයට විසදුමක් ලෙස වෙරළබඩ සීමාවට සමාන්තරව දිවෙන නයිනමඩම ඉරණවිල හරහ...
භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය ප්‍රයෝජනයට ගන්න ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිව...
භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය ප්‍රයෝජනයට ගන්න ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිව... මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් ව...
මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම්
මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම් දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 19ක පමණ ජනකායක් පැමිණෙන ඇති වන මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහකොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු ක...
ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි
ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කෙරෙන සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම නැවතත් ආරම්භ කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව අමාත්‍ය ප්‍...
ආදායම් උත්පාදනය කල හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය - ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා
ආදායම් උත්පාදනය කල හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය - ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සැකසිය යුතු බව ප්‍රවාහන...

Print   Email