බී 640 - නයිනමඩම, ඉරනවිල හරහා හලාවත මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින්

බී 640 - නයිනමඩම, ඉරනවිල හරහා හලාවත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ නයිනමඩම, ඉරනවිල හරහා හලාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයකට අද (10) දින සහභාගී වෙමිනි.

පෑලියගොඩ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ හා හලාවත නගර වල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස මෙය ඉදිකරනු ඇත.

ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශයට සමාන්තරව දිවෙන වෙන්නප්පුව සිට හලාවත දක්වා වූ කොටසේ කිලෝමීටර් 20.75 ක ඉදිකිරීම් කඩිනම් කර ඇත. මං තීරු දෙකක් යටතේ ඉදිවන මෙම මාර්ගය සදහා රුපියල් මිලියන 800 ක මුදලක් වැය වේ.

මෙම මාර්ගය ඉදිකිරීමට සමාන්තරව ඉරනවිල ප්‍රදේශයේ පාපැදි මං තීරුවක් හා හලාවත ප්‍රදේශයේ ව්‍යායාම් මං තීරුවක් ඉදිකිරීම, මුහුදු ඛාදනය වැලැක්වීම සදහා වැටකෙයියා පැල රෝපණය සහ මුහුදුබඩ ප්‍රදේශයට විශේෂිත වූ මගුල් කරඳ වැනි පැල වර්ග මාර්ගය දෙපස සිටුවීමට ව්‍යාපෘති භාර නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා උපදෙස් ලබා දුන්නේය.

අදාළ මාර්ගය ඉදිකිරීම තුළින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය, ධීවර ප්‍රජාවගේ ව්‍යාපාරික කටයුතු පහසු කරලීම ඇතුළු ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි රැසක් හිමිවනු ඇත.

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, හලාවත විධායක ඉංජිනේරු පී.බී.කේ.ජී. කපුකොටුව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට සහභාගී වී සිටියහ.

 

 

Pin It

සබැඳි පුවත්

හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ ප්‍රථම බහාලුම ජනපතිට පිළිගන්වයි
හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ ප්‍රථම බහාලුම ජනපතිට පිළිගන්වයි භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ඇරඹෙන බවත් ඒ සඳහා සකස් කෙරුණු ප්‍රථම බහාලුම ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී...
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. මිහිඳු...
බදුල්ල මහනුවර රජ මාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භයි
බදුල්ල මහනුවර රජ මාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භයි බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදි...
පැල්පත් නිවාස සම්බන්ධ ජිවන්ගේ ඉල්ලීමට අගමැති මහින්ද අවධානය යොමු කෙරේ
පැල්පත් නිවාස සම්බන්ධ ජිවන්ගේ ඉල්ලීමට අගමැති මහින්ද අවධානය යොමු කෙරේ හැටන් නගරයේ පිහිටා ඇති 3000කට අධික පැල්පත් නිවාස ඉන් ඉවත් කර එම පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත...
රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ .....
රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ ..... සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹු බව ජනාධිපත...
අධ්‍යාපන ගැටලු සොයන්න අධ්‍යාපන ඇමති සමඟ ඉසුරුපාය උතුරුමැදට යයි
අධ්‍යාපන ගැටලු සොයන්න අධ්‍යාපන ඇමති සමඟ ඉසුරුපාය උතුරුමැදට යයි මෙරට අධ්‍යාපන පද්ධතියේ ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීමටත්, දැනට පවත්නා ගැටලු අභියෝග සහ දුෂ්කරතා හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් ගත හැකි කෙටි කාලීන විසඳුම් සහ ...

Print   Email